විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් වහාම මාරු කරන්න

11 January 2014 – wedabima.lk

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහාම මාරු කළ යුතු බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගෙ සංගමය පවසයි.ඒ ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් බවද එම සංගමය කියා සිටී.

 

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම ආයතන සේවකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර අමාත්‍යංශය විසින් ඔහුට ලබාදී ඇති ස්ථාන මාරුව ඔහුගේ දේශපාලන බලය භාවිත කරමින් මාර්තු මාසය දක්වා දිගු කරගෙන ඇති බවද එම සංගමය සඳහන් කරයි.

 

මාර්තු දක්වා සේවා කාලය දීර්ඝ කරගත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ වන විට ආයතනයේ කාර්යක්‍ෂම හා විධිමත්ව වැඩ කරන නිලධාරීන් මාරු කිරීමට පටන්ගෙන ඇති බවටද සංගමය චෝදනා කරයි.

 

මුලාශ‍්‍රය – mawbima.lk

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435