විෂයන් රැසක උපාධිධාරී ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -වෙනත් පළාත්වල උපාධිධාරීන්ටත් අයඳුම් කිරීමේ හැකියාව

දකුණු පළාත් සභා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවාගැනීම 2019 සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

නිවේදනයට අනුව දකුනු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති දෙමළ මාධ්‍ය පාසල්වල පවතින පහතින් දැක්වෙන විස්තර පත්‍රිකාවේ දක්වා ඇති විෂයයන් වලට අදාළව ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ‍ශ්‍රේණියට බඳවා ගැනීම පිණිස සුදුසුකම්ලත් උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවා ඇත.

සම්පූර්ණ කරන ලද අයඳුම්පත් 2019.05.15 වෙනි දින හෝ ඊට ප්‍රථම”ලේකම් , දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, දක්ෂිණපාය, ලබුදූව, ගාල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න.

සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435