විෂයයන් රැසක ගුරු පුරප්පාඩු ගැසට් වෙයි – උපාධිධාරී ඔබත් අදම අයඳුම් කරන්න

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම – 2019

 සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  3. 2019.04.08 වන දිනට පූර්වාසන්න වසර 03ක අඛණ්ඩ ස්ථිර පදිංචියක් බස්නාහිර පළාත තුළ තිබිය යුතුය.
  4. 2019.04.08 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 40ට නොවැඩි විය යුතුය.

වැටුප් පරිමාණය – රු.27,740 – 6 x 300- 07 x 380 – 2 x 445 – රු. 33,090

විභාග ගාස්තු

විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල බස්නාහිර පළාත් ආදායම් ශීර්ෂ 20.03.02.99 ට බැරවන සේ බස්නාහිර පළාත තුල පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.

තරඟ විභාගයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා ලකුණු ප්‍රමුඛතාවය මත පුරප්පාඩු සඳහා බඳවා ගනු ගැබේ.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.04.08 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව109මහා වීදිය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

දැනට රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් අයදුම්පත තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් ඉදිරිපත් කල යුතුය.

වැඩි විස්තර පහත ගැසට් නිවේදනයේ දැක්වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435