වෘත්තිකයෝ සටන අතට ගනී

නිදහස් ශ්‍රම සංචරණයට අදාළව අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා සේවා ගිවිසුම (ETCA) පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂ මුලස්ථානයේ සිටිමින් එල්ලකළ තර්ජනාත්මක විවේචනය හෙළාදැකීම වෙනුවෙන් එක්සත් වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරය (United Professionals Movement [UPM]) ඊයේ (19) වෘත්තික වේදීන්ගේ සංවිධානයේදී (Organisation of Professional Associations [OPA]) මාධ්‍ය හමුවක කැඳවා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් වෘත්තික වේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කාර නියෝජිතයින් අවධාරණයෙන් ප්‍රකාශ කලේ  ETCA ගිවිසුම පිලිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය එම සංවිධානයේ මතය පමණක් නොව මෙරටේ නිල වුර්තිකයින් සියයට 90ක් පමණ නියෝජනය කරන වෘතික සංවිධාන වල සහ වෘත්තීය සමිති 45කින් සැදුම් ලත් එක්සත් වෘත්තීය වේදීන්ගේ ව්‍යාපාරයේ UPM හි  නිල පොදු මතය බවයි. තම සංවිධාන කිසිදු දේශපලාන පක්ෂයකට හෝ පක්ෂ දේශපාලන න්‍යායපත්රයකට නොබැඳෙන ස්වාධින වෘත්තීය සංවිධාන බව පැවසින. එමෙන්ම මෙවැනි ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශනයක් කතා කිරීමට තමනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ඇති බවත්, එවන් තත්වයක් තුලදී මෙම ප්‍රශනය උපයෝගී කරගෙන පුද්ගලයන් හා සංවිධානවලට මඩ ගසන පටු දේශපාලන ආරවුලක් බවට ලඝු කිරීමට තැත් කිරීම ඉතා කනගාටුවෙන් හෙලා දකින බවත් නියෝජිතයෝ පැවසුහ.

අග්‍රාමාත්‍ය තුමාගේ නිර්දය දේශපාලන විවේචන හමුවේත් ඉතා ශිෂ්ඨ අන්දමින් කරුණු දැක්වූ වෘත්තික සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කලේ තමුන් රජය සමග එක්ව ETCA ගිවිසුම රටට යහපත් වන දෙයක් බවට පරිවර්තනය කරගැනීමේ අරමුණින් තම දැනුම, කාලය හා සහාය රජයට ලබාදීම පිණිස රජය සමග සාකච්චා වට ගණනාවක් පවත්වමින් සිටින අතර තුර මේ ආකාරයට පුද්ගලයන් ඉලක්ක කරමින් පහත් දේශපාලන තර්ජන සිදුකිරීම ඉතා කනගාටුවට කරුනක් බවත්, මෙම තත්වය හමුවේ මෙම ක්‍රියාවලිය පිළිබඳව තවදුරටත් රජය සමග සාකච්චා පැවැත්වීමේ පලක් ඇත්දැයි තමුන්ට සැකයක් මතුව ඇති බවත්, ඒ පිළිබඳව ඉතා නුදුරේදීම තීරණයක් තමුන් විසින් ගනු ලබන බවයි.

තම සංවිධාන විසින් යම් අයකු ඉලක්ක කරමින් මෙලෙස පදනම් විරහිත විවේචන එල්ල කලේ නම් තමුන් ශීලාචාර සංවිධාන හැටියට සමාව ඇයද සිටීමට නොපැකිලෙන බවත් අග්‍රාමාත්‍ය තුමාත් තම වැරැද්ද හඳුනාගෙන රටේ පොදු අභිවුර්ධිය උදෙසා කටයුතු කරන්නේ නම් ශිෂ්ඨ හා ශීලාචාර දේශපාලන භාවිතාවක් ප්‍රධර්ශනය කලයුතු බව ඔවුන් පැවසුහ. එමෙන්ම සිදුවිය යුත්තේ රටේ සංවර්ධනයට සහාය වීමට සිය දැනුම දායක කරීමට ඉදිරිපත්ව සිටින පිළිගත් නිල වෘත්තික සංවිධාන සමග අත්වැල් බැඳගෙන විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරමින් ජනතාව වෙනුවෙන් ඉදිරියට යාම මිස වෘත්තිකයින් විවේචනයට හා අවඥාවට ලක් කරමින්, කවුරු කැමති වූනත් නැතත් තමුන්ට අභිමත පරිදි කටුතු කරනවා,  වැනි වත්මන් දියුණු ලෝකයට නොගැලපෙන, යල් පැනගිය දේශපාලන භාවිතාවන් ගෙන් බැහැරවීම බව ඔවුහු ප්‍රකාශ කළහ.

අග්‍රාමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කරන පරිදි කවුරු විරුද්ද වුවත් ගිවිසුම අත්සන් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තිකයන් සමග සිදුකෙරෙන සාකච්චා වලින් පලක් නොවන බවත් රජයේ සැබෑ අරමුණ පිළිබඳව සැකයක් නිර්මාණය කෙරෙන බවත් ඔවුහු පැවසුහ.

එමෙන්ම රජය විසින් මෙම ගිවිසුම තවම රහසක් ලෙස පවත්වාගෙන යාම හා එය කිසිදු හරවත් සාකච්චාවක් සඳහා භාජනය කිරීමට හෝ අඩුම තරමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිල වෘත්තික සංවිධාන වලටත් ඒ පිලිබඳව කරුණු දැක්වීමටවත් අවස්තාවක් ලබා නොදී අභිරහස් ලෙස කටයුතු කිරීම ඉතා කනගාටුදායක මෙන්ම ශිෂ්ඨ සමාජය විසින් පිළිගත් සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා ශීලාචාරබවේ අගයන් නොසලකා කටයුතු කිරීමක් බව ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම ගිවිසුමේ ආදීනව නිවැරදි කරවා ගැනීමට ඉදිර්පත්ව රජයේ විවේචන වලට මුහුණ දෙමින් කැප කිරීම් කරන වෘත්තීය සංවිධාන ක්‍රියාකාරීන් අති බහුතරයක් විදේශ රටවල සේවය කිරීම පවා අතහැර මෙරටට පැමිණ මවු රටේ සංවර්ධනයට දායක වන අතර මෙම ගිවිසුම හරහා ඉහල තරඟකාරී වෘත්තීය සුදුදුකම් සහිත තමුන්ගේ පුද්ගලික වෘත්තීය ජීවිතයට අගතියක් නොවන බවත්, මෙය බලපාන්නේ ඉතා අමාරුවෙන් තරඟකාරී ලෙස උසස් පෙළ හා විශ්වවිද්‍යාල විභාග සමත්ව නුදුරේදී ශ්‍රම වෙළඳපොළට පිවිසෙන අපේ රටේ අනාගත දරු පරපුරේ රැකියා අපේක්ෂාවන්ට බව ප්‍රකාශ වින. එමනිසා නිදහස් අධ්‍යාපනයෙන් පලප්‍රයෝජන ලබාගත් අප හැමට අපගේ ඉදිරි පරම්පරාවේ ජීවන අපේක්ෂාවන් අනතුරේ හෙලීම වලක්වාලීම සඳහා අප සියලු දෙනාටම පරම වගකීමක් ඇති බවත්, එම කාර්යභාරය දේශපාලන තර්ජන, ගර්ජනවලට නොබියව, නිවැරදිව හා රටට පක්ෂපාතව නොපිරිහෙලා ඉටුකිරීමට නොපැකිලව ඉදිරිපත්වන බව ඔවුහු ප්‍රකාශ කළහ.

රජය සිය පුද්ගලික අභිමතය පරිදි ඉදිරි දින කිහිපයේදී අත්තනෝමතික ලෙස ගිවිසුම අත්සන් කරන්නට  සැරසුනහොත් එම අභියෝගයට  වෘත්තික සංවිධාන නිසැකවම හා නොබියව මුහුණ දෙන බවත් එම කාර්යභාරයට උරදීම රටේ මහජනතාවට බාර කරමින් ඔවුන්ගේ පුළුල් සහභාගිත්වයෙන් ජයග්‍රහණයෙන් කෙළවර කරන ප්‍රවේශයකට අවතීර්ණ වන බව ඔවුහු ප්‍රකාශ කළහ.

වැඩබිම

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (4)

  1. Rasanga says:

    නියම පිළිතුරක්. අපේ රට බේරා ගන්ඩ වෘත්තිකයන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා.

    (11)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435