වෘත්තීය සමිති ජාතික කම්කරු උපදේශක සභාව වර්ජනය කිරීමට තීරණය කරයි

04 ජූලි 2014 – wedabima.lk 

 

අද (04) සවස 3.00 ට කම්කරු අමාත්‍යංශයේදී කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහ අනෙකුත් සේවා නියුක්ති පාර්ශව කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබු ජාතික කම්කරු උපදේශක සභා NLAC රැස්වීම ආරම්භයේදී ප්‍රකාශයක් සිදු කොට රැස්වීම වර්ජනය කිරීමට අද පෙරවරුවේ රැස්වූ සාමාජික වෘත්තීය සමිති ඒකමතික තීරණයක් ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම තීරණය පිළිබඳව වැඩබිම වෙත අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු පැවසුවේ, NLAC ක්‍රියාවලිය හසුරුවන වත්මන් ආකාරය තුල වැඩකරන ජනතාවගේ ප්‍රශ්න හා අරමුණු පලදායි ලෙස සාකච්චාවට භාජනය කල නොහැකි තත්ත්වක් නිර්මාණය වී ඇති බවයි.

 

NLAC ය කැඳවීම ඉතා අවිධිමත් ආකාරයකින් බලධාරීන්ගේ ඕනෑ එපාකම් පමණක් සැලකිල්ලට ගෙන සිදුකෙරෙන අතර වෘත්තීය සමිති විසින් න්‍යාය පත්‍රයේ ඇතුලත් කිරීමට ඉල්ලා සිටි කාරනා පිළිබඳව කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිගත නොහැකි තත්වයක තිබෙන අතර, රැස්වීම් වාර්තා සාමාජිකයින්ට නිසි කලට වෙලාවට පිළිවෙලකට ලබා දීමක් ද සිදුනොවන බව සමිති නියෝජිතයින් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

 

NLAC 1

 

මෙවැනි අවිධිමත් හා පාලකයන්ගේ වැඩි සැලකිල්ලක් නොමැතිව දියාරු ස්වරුපයෙන් NLAC හි කටයුතු සිදුකිරීම වෘත්තීය සමිති බොහොමයකගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

 

එලෙසම වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය කිරීම පිණිස ප්‍රධාන විෂය හේතු ලෙස අවධාරණය කර සිටින්නේ

 

01.ජාතික කම්කරු ප්‍රඥ්ඥප්තිය ක්‍රියාත්මක නොකිරීම

 

02.ජීවන අංකයේ ඒකකයක වත්මන් වටිනාකම ගැසට් නොකිරීම

 

03.නිත්‍ය සේවයට කොන්ත්‍රාත් පදනම මත සේවකයින් බඳවා ගැනීමට අදාළව පරිපාලක ආඥා පනතට වෘත්තීය සමිති හා හාම්පුතුන් ඒකාබද්ධව ගෙනා සංශෝධන  ක්‍රියාත්මක නොවීම

 

04.සේවක අර්ථ සාධක අරමුදලේ සුරක්ෂිතභාවය පිළිබඳ මතුකරන ලද ගැටළුවලට පැහැදිලි පිළිගත හැකි පිළිතුරක් රජය විසින් ලබා නොදීම

 

යන කාරණායි. දිගින් දිගටම මෙ පිළිබඳව අදහස් දක්වා කරුනු මතු කලද අමාත්‍යංශ පාර්ශවය මේවා ආමන්ත්‍රණය කිරීම පිළිබඳව දක්වන ඇල්මැරුණු හා මගහරින ස්වරුපය යටතේ තවදුරටත් NLAC රැස්වීම් යනු කාලය කා දමන නිෂ්පල ක්‍රියාවලියක් ය යන්න බලධාරීන්ට ඒත්තු ගැන්වීම මෙම රැස්වීම් වර්ජනයේ අරමුණක් බව වැඩබිම වෙත අදහස් දැක්වූ සමිති නායකයෝ පැවසුහ.

 

මෙම අර්බුදය පිලිබඳ නවතම තතු ඉදිරියේදී වැඩබිම.lk හරහා පලකෙරෙනු ඇත.

 

වැඩබිම 

 

සබැඳි ලිපි

 

ජාතික කම්කරු උපදේශක සභාව පිලිබඳ හැඳින්වීම

 

ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) වැඩකරන පංතියට වැදගත් වන්නේ ඇයි ?

 

NLAC නීති රීති

 

NLAC සාමාජිකයෝ

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435