වෘත්තීය සමිති සජීවීව තබා ගැනීමට නම්

පිරිහෙමින් පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනැගීමට වෙන කවරදාටත් වඩා තරුණ ජවය  ඕනෑකර ඇත.

නව ලිබරල් (විවෘත) ආර්ථිකය ලංකාවට හඳුන්වාදීමත් සමගම කම්කරු ව්‍යාපාරයේ පිරිහීම පටන් ගැනීම අහම්බයක් නොවේ. තරුණ කම්කරුවන් වෘත්තීය සමිති ව්‍යාපාරය කෙරෙහි දක්වන උදාසීනත්වය මෙම පිරිහීමට තවත් හේතුවක් වී ඇත. 2013 වසරේදී කරන ලද ජාතික තරුණ සමීක්‍ෂණයකට අනුව වැඩ කරන තරුණ පරම්පරාවෙන් 92% ක් වෘත්තීය සමිති කටයුතුවලට ක‍්‍රියාකාරීව සම්බන්ධ නොවේ. 93% ක් වැඩපල මට්ටමේ ගන්නා තීරණවලට බලපෑමක් කරන්නේ නැත.

70 දශකයේදී ආර්ථිකයේ විෂමතාවයන් ප‍්‍රතික්‍ෂෙප කළ තරුණ සටන්කාමීන් අද නැත. ඒ වෙනුවට ඉතිරි වී ඇත්තේ වෙනසක් සඳහා අරගල කරන ආවේගශීලී ශිෂ්‍ය සහ තරුණ සුළු පිරිසක් පමණි.

අප මේ තත්වයට පත්වුණේ ඇයි? ලංකාවේ ආර්ථිකය ලිබරල්කරණයට (විවෘතවූවාට) පසුව සමාජයේ ආර්ථික විෂමතාවය පුළුල් වී ඇත. රැුකියාවක් සොයා ගැනීමට ඇති අපහසුතාවය, වැඩිවන ජීවන වියදම, අසමාන සංවර්ධනය සහ ණයගැතිභාවය, සමාජ සුභසාධන කප්පාදුව, ජාති කුල සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්ව සැලකීම් වැඩිවෙනවිට ඒවාට එරෙහිව තරුණ කම්කරුවන් අභියෝග නොකරන්නේ ඇයි?

රටේ වැඩිහිටි පරපුර වර්ධනය වන තත්වය තුල කම්කරු ව්‍යාපාරයට තරුණ කම්කරුවන් ජවය සැපයිය යුතුය. ඔවුන් කම්කරු ව්‍යාපාරයට පිටුපෑ යුතු නොවේ. ඔවුන් කම්කරු අරගලවලට නව ඉදිරි දර්ශනයක්, ශක්තිය සහ නිර්මාණශීලීත්වය සැපයිය යුතුය.

“තරුණයන් සංවිධානය කිරීම බොහොම අමාරුයි. ෆැක්ටරි තුල ඇති මර්ධනය සහ ඇති තත්වයන් තරුණයන්ට දැඩි ලෙස බලපා තියෙනවා. ඔවුන් සංවිධාන වැඩවලට සහභාගිවීමට බයයි.” තරුණ කම්කරුවෙක් මෙසේ කියා දුක්වෙනවා.ීඔවුන්ට ඒ වැඩවලට වේලාවක් නැහැ. කුමන වයසේ වුනත් ඔවුන් ව්‍යාපාරයේ වැඩවලට උදව් කල යුතුයි. එසේ කරන වැඩවල ප‍්‍රතිලාභ අත්වන්නේ ඒ අයටමයි’” ඔහු තව දුරටත් පවසයි.

කෙසේ වුවත් ලාභයල ඵලදායීතාවය සහ පීතෘ මූලිකත්වය මත ගොඩ නැගෙන සමාගමකට හෘදය සාක්‍ෂියට අනුව වැඩ කරන කම්කරු බලකායක් ඉවසිය නොහැක. නිදහස් වෙළඳ කලාපයේ ක‍්‍රියාකාරිකයෙක් සඳහන් කරන්නේ කම්කරුවන්ගේ සහයෝගිතාවයට සමාගම් හිමියන් විරුද්ධවන්නේ හෝ එසේ නැතහොත් එම කම්කරුවන්ගේ ඉල්ලීම්වලින් ඉතාමත් අල්පයක් පමණක් ලබාදෙන්නේ ඒ නිසා බවයි. කලාපයේ කම්කරුවන් හාම්පුතුන්ගේ දැඩි පීඩනය සහ මර්ධනය මධ්‍යයේ වැඩකරන බව ඔහු පවසයි. එසේ ඉදිරිපත්වන කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීම පමණක් නොව මුළු සමාගමම වසා දමා සියළුම සේවකයන් ඉවත් කරන බවට පාලකයන් තර්ජනය කරන අවස්ථාවලදී එම වගකීම තමන් ගැනීමට තරුණ සේවකයන් ඉදිරිපත් නොවෙති. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ තම රැුකියාව රැුක ගැනීමයි. ඔවුන්ගේ අරමුණ වන්නේ රුපියල් ශත පමණකි.

එයට අමතරව වර්තමානයේ බිහිව ඇති නොඉවසුම්කාරී පාරිභෝගික සංස්කෘතිය නිසා කම්කරුවන් පැය 12 පමණ වු රැකියාවට හිරවී ඇති අතර ණය, මර්ධනය සහ අසමානතාව කම්කරුවන්ගේ එදිනෙදා ජීවිතයේ කොටස් බවට පත්ව ඇත. සංවිධානය වුණු කම්කරු ව්‍යාපාරයක් මගින් සමාගම්වලට ලාභ වැඩි කර ගැනීමට ඇති අවස්ථාවට බාධාවක් වීමට පවතින ක‍්‍රමය ඉඩ නොදෙයි.

neverworkalone

රටේ ඇති වූ නව පාලනය නිසා මෙතෙක් පැවති ජනතා ව්‍යාපාරවලට එරෙහි රාජ්‍ය මර්ධනය නැති වනු ඇතැයිි අපි සිතමු. රතුපස්වල අහිංසක මිනිස් ඝාතනය, කටුනායක රොෂේන් ඝාතනය වැන්නක් නැවත සිදු නොවෙතැයි ද අපි සිතමු.

රජය, වෘත්තීය සමිති සමාජ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් ත්‍රෛපාර්ශවික සම්මුතියේ කොටස්කරුවන්සේ සැලකිය යුතු බව වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙක් සඳහන් කරයි.

වෘත්තීය සමිතිද තම ආකල්පයන් වෙනස්කර ගැනීමට අවශ්‍යය. තරුණ කම්කරුවන් සංවිධානවලට ඇතුළු කර ගැනීමට ඒවායේ පවතින දරදඬු ප‍්‍රතිපත්ති වෙනස් කර ගත යුතුය. වෘත්තීය සමිතිවලට තරුණ පරපුර ඇතුළුවීම වලකන දැනට පවතින නිළධාරිවාදී සම්ප‍්‍රදායන් වෙනස් කිරීමට සමිති කටයුතු කළ යුතුව ඇත.

එක් වෘත්තීය සමිති නායකයකුට අනුවීදැනට පවතින වෘත්තීය සමිති බොහොමයක් දේශපාලන පක්‍ෂ මගින් මෙහෙයවනවා. ඔවුන් දැඩි සම්ප‍්‍රදායිකයි. තරුණ කම්කරුවන්ගේ අවශ්‍යතාවය කුමක්දැයි ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් වැඩ කිරීමේ සහ සංවිධානය වීමේ තමන්ගේ පැරණි මතිමතාන්තර වෙනස් කර ගත යුතුයි.”

වෙනස්වීම් අධ්‍යාපන ක‍්‍රමයේද සිදුවිය යුතුයි. තරුණයන් තමන්ට ඇති අයිතිවාසිකම් සහ වගකීම් ගැනද දැනගත යුතුය. බොහෝ පන්ති කාමර තුල උගන්වන්නේ බළධාරීන්ගේ පවතින රටාව පිළිගන්නා ලෙසයි. පසුගිය දිනවල ශිෂ්‍යයින් විසින් කරන ලද සටන්වලට කළ පහරදීම්වලින් පිළිබිඹු වන්නේ තරුණ පරපුරේ අදහස්වලට පාලකයන් දක්වන භීතියයි.

කම්කරුවන්ගේ අයිතීන් අහෝසි වී යාමට එරෙහිව, කම්කරු ව්‍යාපාරවලට තරුණ කම්කරුවන්ගේ සහභාගිත්වය කිසිසේත් ප‍්‍රමාණවත් නැත. බොහෝ තරුණ කම්කරුවන් තමන්ට ඔහේ ලැබෙන නිසා වැටුප්, නිවාඩු, විශ‍්‍රාම, රක්‍ෂණ ආදිය ලබා ගනිති. මේවා ලැබී ඇත්තේ ඉතිහාසයේ කරන ලද අරගලවලිනි. අප ඒවා රැුක ගැනීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී ඒ සියල්ලම අහෝසි වී යනු ඇත.

LMD ව්‍යාපාරික සඟරාවට ප‍්‍රශාන්ති ජයසේකර විසින් ලියන ලද ලිපියක සරල පරිවර්තනයකි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435