වෘත්තීය සමිති සාමාජික අරමුදල් වලට බදු ගසයි

රජයේ නව බදු ප‍්‍රතිපත්තියට අනුව වෘත්තීය සමිති ආදායමෙන් මෙම වසරේ සිට 28% ක ප‍්‍රමාණයක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවිය යුතුව ඇත. වෘත්තීය සමිතිවලට ලැබෙන ප‍්‍රධාන ආදායම වන්නේ සාමාජික මුදලයි. වෙනත් රටවල රජයෙන්ද අරමුදල් වෘත්තීය සමිතිවලට ලබාදෙන නමුත් මෙරට එවැනි ක‍්‍රමවේදයක් නැත.

මෙම සාමාජික මුදල් බොහෝවිට වැය කරනු ලබන්නේ පහත සඳහන් කරුණු සඳහාය.

  1. කාර්යාලය පවත්වා ගැනීමට හා ඒවා නඩත්තු කිරීම.
  2. ප‍්‍රාදේශීය කාර්යාල පවත්වා ගෙන යාම හා නඩත්තු කිරීම
  3. විදුලිය, ජලය, දුරකථන බිල්පත් ගෙවීම.
  4. කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම.
  5. පූර්ණ කාලීන නිලධාරීන්ට දීමනා ගෙවීම.
  6. ගමන් ගාස්තු ගෙවීම.
  7. නීතීඥවරුන්ට ගෙවීම්, නඩු පිටපත් හා සාකච්ඡා වාර්තා සඳහා ගෙවීම
  8. තැපැල්, ෆැක්ස්, ජායාස්ථ පිටපත් පුවත්පත්, පරිවර්ථන සඳහා ගෙවීම
  9. දැන්වීම් හෝ පෝස්ටර් මුද්‍රණය කිරීම.

10 ආධාරකිරීම/වෘත්තීය සමිතිවලට බැඳීම නිසා පලිගැනීමට ලක්වූ සාමාජිකයන්ට ආධාර කිරීම

11 වෙනත් වෘත්තීය සමිතිවලට වෘත්තීය සටන් අවස්ථාවලදී ආධාර කිරීම

12 රැස්වීම් සඳහා පිට්ටනි හෝ ශාලාවලට ගෙවීම් – රැස්වීම්වලදී ආගන්තුක සත්කාර

13 වෘත්තීය සමිති වැඩ මුළු – සම්මන්ත‍්‍රණ සම්මේලන සඳහා වියදම්

ඉහත කරුණු කාරණා වියදම් දරන අතර, වෘත්තීය සමිති ගොඩනැඟිලි සඳහා වරිපනම් බදු වශයෙන් ගෙවනු ලබන්නේ සාමාජික ගාස්තු මගිනි.

මේ පිළිබඳව සියලු වෘත්තිය සමිති රජයට විරෝධය දක්වන බවත්, මේ පිළිබඳව විසඳුමක් වහාම ලබාදිය යුතු බවත් සියලු වෘත්තිය සමිති එකහඩින් කියා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435