වෘත්තීය සමිති 16 ක වර්ජනයෙන් රාජ්‍ය ආයතන අඩපණයි

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති දහසයක නියෝජිතයන් (27 වැනිදා) පැවැත්වූ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක සේවාවන් අකර්මණ්‍ය විය.

මෙම එක් දින වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා ක‍්‍රම සම්පාදන සේවා සංගමය, රජයේ පශු වෛi නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිය, ශ‍්‍රී ලංකා මිනින්දෝරු සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව, රජයේ දන්ත වෛi නිලධාරී සංගමය, රජයේ විiාත්මක නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වෘත්තීය සංගම් එකමුතුව, රජයේ වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ වෘත්තිකයන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවයේ වෘත්තිකයන්ගේ සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, සංඛ්‍යාලේඛනඥවරුන්ගේ සංගමය සහ කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එක්ව සිටියහ.

නීති ක්ෂේත්‍ර පිරිස් වෙත වැඩිකළ වැටුප් හා දීමනා අනෙකුත් වෘත්තීන් වලට ලබාගැනීම, 2015 ජනවාරි 01 වැනිදා සිට අහිමි කළ විශ‍්‍රාම වැටුප් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම එක් දින වර්ජනය කි‍්‍රයාත්මක කළ බවත් රජය තවදුරටත් මෙම ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබානොදෙන්නේ නම් සියලූ වෘත්තීය සමිති එක්කරගෙන අඛණ්ඩ වර්ජනයක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා  (27දා) පැවැසීය.

මෙම වැඩවර්ජනය ලබන මාර්තු 05 වැනිදා එළිදැක්වීමට නියමිත 2019 අයවැය යෝජනා සලකා බලා තීරණය කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මූලාශ්‍රහ – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435