වෛද්‍ය නිලධාරි සංසදය අපේ ප්‍රතිරූපයට හානියක්

30 January 2014 – wedabima.lk

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය නමින් වෘත්තීය සමිතියක් ලියාපදිංචි වී නොමැති අතර මෙය පුද්ගලයන් කිහිපදෙනකු විසින් සිදුකරන ක්‍රියාවලියක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

මෙයින් සංගමයේ ප්‍රතිරූපයට හානියක් සිදුවන බව එම සංගමයේ සාමාජිකත්වයේ මතය බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙයි.

 

සංසදය පවත්වාගෙන යන එම සුළු පිරිස සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ප්‍රතිපත්තිවලට පටහැනිව සෞඛ්‍ය සම්බන්ධ විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් ජාතික ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වන අතර වක්‍රාකාරව යම් සමාගම්වලට වාසිසහගතව ප්‍රකාශ කරමින් ඉලක්ක සපුරන බව තම සාමාජිකත්වයේ මතය වී ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.

 

මොවුන් වෙබ් අඩවි මඟින්ද මේ නිර්නාමික ප්‍රකාශ කරමින් වෛද්‍ය වෘත්තියට නුසුදුසු අයුරින් මේ ක්‍රියාවලිය සිදුකරමින් සිටින බැවින් මේ නීත්‍යනුකූල නොවන පිරිස පිළිබඳ දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් අදාළ අංශ වෙතින් ඉල්ලීම් කර ඇතැයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

 

මුලාශ්‍රය – mawbima.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435