වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උතුරු මැද පළාත් සභාවට මැයි 6 තෙක් කල්දෙයි

29 මැයි 2014 – wedbima.lk

 

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වැරදිකරුවෙකු බවට පත්කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එස්.එම් බණ්ඩාර පිළිබඳව අවසන් වාර්තාවක් නිකුත් කිරීමට උතුරු මැද පළාත් සභාව කටයුතු නොකරන්නේ නම් ලබන මස 6 වැනිදා සිට පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රීක්කවල වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

රාජ්‍ය සේවයට නුසුදුසු පුද්ගලයකු ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇති හිඟුරක්‌ගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පී.එස්.එම් මහතාට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන් කටයුතු නොකිරීම ඊට හේතුව බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියයි.

 

මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහි පරීක්ෂණ ප්‍රමාදවීම තුළ ඔහුට දේශපාලන හයියක් ඇතැයි මින් පැහැදිලි වන බවද හෙතෙම කොළඹදී අද (28) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

 

මොහු නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී ඉන් ඉවත්වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්ව ඇති බවත් එසේ සේවයට එක්වුවද ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අයත් නිල ඇඳුම පවා නොඇඳ සේවය කරන අයෙකු බවත් නවීන්ද සොයිසා මහතා පෙන්වාදුන්නේය.

 

තවද රාජ්‍ය සේවකයෙකු දින 120ක් නිවාඩු ලබාගත් විට පිළිගත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු නමුත් මොහු ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් දුන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර ඇති බවත් එයද උතුරු මැද පළාත් සභා නිලධාරීන් පිළිගෙන ඇතැයි ඒ මහතා කියා සිටියේය.

 

මෙම වාතාවරණය යටතේ මොහුට දේශපාලන හයියක් ඇතැයි පැහැදිලි වන බවත් ඒ අනූව මොහු පිළිබඳ තීරණයක් ගැනීමට උතුරු මැද පළාත් සභාවට ලබන මස 6 දක්වා කල්ලබාදෙන බවත් නවීන්ද සොයිසා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

මූලාශ්‍රය – adaderana

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435