ශ්‍රී ටෙලිකොම් වෘත්තීය සමිති රතු එළි දක්වයි

ශ්‍රී ටෙලිකොම් ආයතනය විසින් 2019. 11. 14 දින නිකුත් කළ ප්‍රධාන විධායක නිලධාරි 58/2019 චක්‍රලේඛය අනුව ප්‍රසාද දීමනා දීමේදී සිදුව ඇති අගතීන් නිවැරදි කරන ලෙද ඉල්ලා ටෙලිකොම් ක්‍රියාකාරී වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් තොරතුරු හා විදුලි සංදේශ සියළු සේවක සංගමය එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා හා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇති පරිදි, මේ සම්බන්ධව 2019. 11. 27 දින ප්‍රධාන විධායක නිලධාරිවරයා අතර වෘත්තීය සමිති නියෝජිතයින් සමග කරන ලද සාකච්ඡාවේදී මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමට එකඟවීමට අමතරව මෙම ලිපිය යවා ඇත.

එම ලිපයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

  1. 2018 වසරේ ප්‍රසාද දීමනා ලබාදීමේදී සිදුවූ අසාධාරණය නිවැරිදි කිරීමට 2018 වසරට අදාළව ලබාදුන් රුපියල් 25,000ක මුදල නැවත 2019 ප්‍රසාද දීමනාවෙන් අඩුකර ගැනීම අගති සහගත තත්ත්වයකි.
  2. 2019 වසරේ අප්‍රේල් මාසයේ ලබාදුන් රුපියල් 25,000ක මුදල 2019 වාර්ෂික ප්‍රසාද දීමනාවෙන් අඩු කරලීම දැඩි අගති සහගත තත්ත්වයකි. ටෙලිකොම් පාලනාධිකාරිය විසින් මීට පෙර කිසිඳු අවස්ථාවක ලබාදී ඇති විශේෂ ප්‍රසාද දීමනාවක් වාර්ෂික ප්‍රසාද දීමනාවෙන් අඩු කොට නොමැත. වත්මන් සභාපතිවරයාගේ පාලන සමය තුළ මෙවැනි දේ සිදුවීම ඉතා කණගාටුවට පත්විය කරුණකි.

ඇතැම් නිලධාරීන් මිලියන ගණනින් ප්‍රසාද දීමනා ලබද්දී රුපියල් 17,500ක් වැනි වංචනික වැටුප් තලවල පිහිටුවා ඇති සේවකයින් 1 හා 2 කරුණු මගින් පෙන්වා දී ඇති අගතීන් හේතුවෙන් තව තවත් අසාධාරණයට ලක්ව ඇත.

ඉහත සියලු කරුණු අප වෘත්තීය සමිති ඉල්ලා සිටිනුයේ,

  1. 2018 වර්ෂය සඳහා ලබාදුන් ප්‍රසාද දීමනාවේ හිඟ මුදල හෝ 2019 වසරේ අප්‍රේල් මාසයේදී ලබාදුන් විශේෂ ප්‍රසාද දීමනාව 2019 වසරේ ප්‍රසාද දීමනාවෙන් අඩුකර නොගන්නා ලෙසත්,
  2. ප්‍රධාන මානව සම්පත් නිලධාරීතුමිය විසින් පදනම් විරහිතව නිර්මාණය කරන ලද ව්‍යාජ වැටුප් තලවල පිහිටුවා ඇති සේවකයින් ප්‍රසාද දීමනා ලබාදීමේදී දැඩි අසාධාරණයට ලක්ව ඇති බවත්, එම අයුක්ති සහගත තත්ත්වය නිවැරිදි කරලීම වෙනුවෙන් අවම ප්‍රසාද දීමනාව රුපියල් 150,000 දක්වා වැඩි කරන ලෙසත් එම අවම ප්‍රසාද දීමනාවෙන් අප්‍රේල් මාසේ ලබාදුන් මාසික වැටුප පමණක් අඩු කරගන්නා ලෙසත්ය.

ටෙලිකොම් පාලනාධිකාරිය මෙම අගති සහගත තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට උත්සහ දරන්නේ නම් ඊට එරෙහිව සේවක වෘත්තීය සමිති වල විරෝධතා හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද පෙන්වා දෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435