ශ්‍රී ලංකන් ගුවන් සේවය අනිවාර්ය නිවාඩු සමග වැටුප් කප්පාදුවක්

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය ගෝලීය වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබා දීමට සහ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ, සේවකයින්ගේ මාසික වැටුපෙන් 2.5% ත් 25% ත් අතර ප්‍රමාණයක් මාස 03 ක කාළයක් සදහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත සියලුම වැටුප් වර්ධක ගෙවීම ද තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.

මෙම මස එනම් 4/08 දින සිට 4/21 දින දක්වා කාළය තුළ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය පිරිවැය අවම කර ගැනීම සදහා ඉහත පියවර වලට අමතරව සියලුම අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමටත්  තම ප්‍රධාන සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ගෙවීම් කල් දමා ගැනීමට සහ ඒවා  අඩු කර ගැනීමටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය  උත්සාහ ගනිමින් සිටින බවද ප්‍රකාශ කර තිබේ.

(දිවයින)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435