ලංකාවේ ඒඩ්ස්‌ රෝගීන් ගේ වර්ධනයක්!

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම

ශ්‍රී ලංකාවේ ඒඩ්ස්‌ රෝගය වැළඳුණ දෙදහස්‌ එකසිය තිස්‌තුන්දෙනකු (2133) වාර්තා වී ඇති අතර එම රෝගීන් අතර අවුරුදු පහළොවට අඩු දරුවන් හැත්තෑතුන්දෙනකු (73) සිටින බැව් ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය දර්ශනී විඡේවික්‍රම මහත්මිය මෙසේද පැවසුවාය.

2014 අවසන් වන විට ඒඩ්ස්‌ රෝගය වැළඳුන සංඛ්‍යාව දෙදහස්‌ එකසිය තිස්‌තුන දක්‌වා ඉහළ ගිහින් තියෙනවා කියලා සමීක්‍ෂණයකදී හෙළිව තිබෙනවා.

එච්. අයි. වී යන වෛරසය මානව ප්‍රතිශක්‌ති ඌණතා වෛරසය යනුවෙන් හඳුන්වනු ලබනවා.

අපේ සිරුරට ඇතුළුවන ඕනෑම විෂබීජයක්‌ සමග සටන් කරන්න පුළුවන් ප්‍රතිශක්‌ති කරණයක්‌ අපේ ශරීරය තුළ තිබෙනවා. එච්. අයි. වී. වෛසරය කෙනෙකුගේ සිරුරට ඇතුළු වුණාම සිරුරේ ප්‍රතිශක්‌තිකරණය දුර්වල වෙනවා. අද ලෝකයටම එච්. අයි. වී. ප්‍රශ්නයක්‌ වෙලා. ලොව සෑම රටක්‌ම මේ උවදුරට ගොදුරු වෙලා. එච්. අයි. වී. රෝගය නැති රටක්‌ අද ලෝකයේ නැහැ.

ලෝකයේ දැනට මිලියන තිස්‌ හතරක්‌ (34) එච්. අයි. වී. රෝගීන් සිටින බව ඇස්‌තමේන්තු කර තිබෙනවා. මේ මිලියන තිස්‌ හතරෙන් වැඩි ප්‍රමාණයක්‌ සිටින්නේ අප්‍රිකානු රටවලයි. එය මිලියන විසිතුනක්‌ (23).

ශ්‍රී ලංකාවේ ගැහැනුන්ට වැඩිය පිරිමින්ට මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. අපේ රට තුළත් ඒඩ්ස්‌ රෝගය එන්න එන්නම වැඩි වීමක්‌ පෙනෙනවා. අද වන විට මෙය ප්‍රධාන උවදුරක්‌ නොවුණාට ඉදිරියේදී මෙය බරපතළ ප්‍රශ්නයක්‌ නොවේ කියලා අපට කියන්න බැහැ.

මත්ද්‍රව්‍ය බොන සහ උරන අයටත් එච්. අයි. වී අවදානම වැඩියි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435