ශ්‍රී ලංකාවේ Covid-19 අවදානම ගැන නවතම හෙළිදරව්ව

මෙරට තුළ කොවිඩ්-19 අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ  (30) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවධානමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය සමරවීර මහතා මෙසේ ද සදහන් කළේය.

‘මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව අප හදුනා ගෙන තිබෙනවා.

“විදෙස් රටවල සිට කොවිඩ්-19  රෝගීන්තමයි, මේ රටට එන්නේ, වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්,  ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි,  ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක දැක්කේ නැහැ“

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435