ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III වන ශ්‍රේණිය සඳහා උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2018 (2019)

සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  3. 2019.03.11 වන දිනට වයස අවුරුදු 22ට නොඅඩු සහ 45ට නොවැඩි විය යුතුය.

 

වැටුප් පරිමාණය – රු.41,580 – 11 x 755 – 18 x 1030 – 68,425

විභාග ගාස්තු

විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් නමින් මහජන බැංකුව වේල්ල වීදිය ශාඛාවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 2971001990025039 ට බැර කර  ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.

අපේක්ෂකයාගේ අනන්‍යතාවය

විභාගයෙදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ජාතික හැඳුනුම්පත,
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ
  3. වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

විභාගය

විභාගය සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් මැයි මාසයේදී පැවැත්වෙන අතර පහත සඳහන් විෂයන් 04 ට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.

විෂයය                                                              කාලය (පැය)                 මුළු ලකුණු

  1. සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය                         02                         100
  2. පරිපාලනය හා කළමනාකරණය                               01                         100
  3. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය                                          01 ½                     100
  4. ශ්‍රී ලංකාවේ හරයාත්මක සහ කාර්යය පටිපාටික නීති   01                         100

 

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.03.11 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය, කොළඹ 12  යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

දැනට රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් අයදුම්පත තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් ඉදිරිපත් කල යුතුය.

වැඩි විස්තර පහත නිවේදනයේ දැක්වේ.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435