ශ්‍රී ලාංකික කතුන් රැසක් අජ්මාන් හි අතරමන්

සංචාරක වීසා ලබා ගෘහ සේවයේ රැකියා සදහා පිටත් වී ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඩුබායි හි අජ්මාන් නගරයේ අතරමන් වී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ උපුල් දේශප්‍රිය මහතා ප්‍රකාශකර තිබේ.

ස්ථීර සේවා ස්ථානයක් නොමැතිව අජ්මාන් හි පදික වේදිකාවල රැදී සිටින මෙම කාන්තාවන් විටින් විට පැමිණෙන නිවෙස් අයිතිකාරයින් ගේ කැමත්තට අනුව එදිනෙදා කුලී රැකියා සදහා තෝරා ගෙන යයි. මෙය ඔවුන්ගේ ආත්ම ගෞරවයට මෙන්ම රටේ අභිමානයට ද අහිතකර සේ බලපාන අතර යම් අවදානම් තත්වයක් ඇති බව දේශප්‍රිය මහතා තවදුරටත් පෙන්වා දේ.

ඒජන්සිකරුවන් විසින් ස්ථීර රැකියා, වාසස්ථාන ලබා දෙන පොරොන්දුව පිට කාලය, මුදල් සූරාකමින් ඩුබායි හි ගෘහ සේවයට කාන්තාවන් විශාල ප්‍රමාණයක් පිටත් කර ඇතත් අද වන විට ඔවුන් මෙලෙස අසරණ වී තිබේ.

ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකින් නීත්‍යානුකූල රැකියා ගිවිසුමකට අත්සන් නොකොට විදේශ රැකියා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචි නොවී මේ අයුරින් විදේශ ගතවීමෙන් සේවිකාවන් දැඩි අපහසුතා වලට මුහුණ දීමට සිදුවීම නොවැලැක්විය හැකි  බවත් එහිදී තම කාර්‍යංශයෙන් ලබාදෙන සුබසාධන කිසිවක් ලබා දීමේ හැකියාව ද ඇහිරීයන බව තවදුරටත් සිහිපත් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435