ශිෂ්ඨ රැකියා කතිකාවතට ඔබත් එක්වන්න

ජගත් තලයේදී ශිෂ්ඨ රැකියා සංකල්පය සම්මතයක් ලෙස පිලිගැනුමට ලක්වීමෙන්  අත්කරගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය ජයග්‍රහණය ඔබේ සේවාස්ථානය තුල ප්‍රායෝගිකව භුක්ති විඳිනු පිණිස ඔබටත් කාර්ය භාරයක් ඇත.

රජය රට තුල නිර්මාණය කරන රැකියා, ශිෂ්ඨ රැකියා බවට පත්කිරීමට ජගත් කම්කරු සංවිධානයට ලබා දී ඇති එකඟතාවයට අනුව කටයුතු කිරීමට බැඳී සිටියි. එය ක්‍රියාත්මක කල හැක්කේ ඔබ ඒ පිළිබඳව උනන්දුවෙන් සිටි නම් හා ඒ සඳහා ඔබගෙන්  ඉටු විය යුතු අවම යුතුකම හෝ ඉටු කිරීමට ඔබ සුදානම් නම් පමණි.

පවතින රැකියා හා නිර්මාණය වීමට ඇති රැකියා ශිෂ්ඨ රැකියා බවට පත්කිරීමට ඔබ හඬ නැගිය යුතුය. පවතින රැකියා ලෝකය ශිෂ්ඨ බවට පත් කල යුතුව ඇත. අපට අවශ්‍ය වන්නේ නිකම්ම නිකම් රැකියා නොවේ, ශිෂ්ඨ රැකියා ය. මෙම මතය වෙනුවෙන් හඬ නැගීම තොරතුරු තාක්ෂණ ලොවේ දී ඔබට නිහඬවම අන්තර්ජාලය හරහා සිදු කල හැකිය. එහි ඇති මහිමය ඔබ නිසැකවම දනී. මේ සඳහා වන ඔබේ නිහඬ මතය රටේ ප්‍රතිපත්තිමය වෙනසකට තුඩු දෙන ලෙස ඔසවා තබන දිනය ජගත් ශිෂ්ඨ රැකියා දිනයයි.

ජගත් ශිෂ්ඨ රැකියා දිනය සඳහා ඔබේ දායකත්වයේ වටිනාකම රැඳී ඇත්තේ ඒ සඳහා ඔබට ඇති සැබෑ අවංක වුවමනාව මතය. ඒ නිසා ඔබේ ක්‍රියාවේ පරිමාව වැදගත් නොවේ. ඔබ මේ පිළිබඳව ඔබේ සේවාස්ථානයේ සගයින් සමග කරන ධනාත්මක සුහද කතිකාවක්, මහ පාරේ කරන ක්‍රියාමාර්ගයක්, ප්‍රතිපත්ති දායකත්වයක් හෝ අන්තර්ජාල සමාජ ජාල හරහා ගෙන යන සංවාද කතිකාවතකට දායක වීමක්  වුවත් ඉතා සුවිශාල බලපෑමක් ඔබේ, ඔබේ සගයින්ගේ, ඔබේ පවුලේ අයගේ හෝ ඔබේ දරුවන්ගේ රැකියා, ශිෂ්ඨ රැකියා බවට හරවනු පිණිස ඉටු කරනු ඇත.

මේ සඳහාම වෙන්වූ පොදු ෆේස්බුක් පිටුවක්, විවිධ රැකියා ස්ථාන නියෝජනය කරන ශිෂ්ඨ රැකියා ක්‍රියාදරයින් පිරිසක් වන අප විසින් නිර්මාණය කොට ඇත. මේ හරහා ඔබේ දැනුවත් භාවය වර්ධනය කරගැනීමටත් හරවත් සංවාදයක් හා සමාජයීය ජනමතයක් ගොඩ නැගීමටත් අවස්තාව සැලසේ.

එන්න… ඔබගේ,  ඔබේ සගයින්ගේ, ඔබේ පවුලේ අයගේ  ජීවිතවල අපේක්‍ෂා ඉටුකලහැකි ශිෂ්ඨ රැකියා ගොඩනැගීමේ කාර්යභාරයට අප සියලු දෙනා උරදෙන ෆේස්බුක් පිටුව හා ඔබත් අදම සම්බන්ධ වන්න….!

 අපගේ ෆේස්බුක් පිටුව: FBශිෂ්ඨ රැකියා ක්‍රියාදරයන්/Shishta Rakiya Kriyadharayan  

ITUC-WDDW-logo-english

ශිෂ්ඨ රැකියා ගැන දැනගන්න මෙම සබැඳුම ක්ලික් කරන්න: ශිෂ්ඨ රැකියා ගැන ඔබත් දැනගන්න

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. priyanka188 says:

    සිහින රැකියාවට අත්වැලක්!

    මේ වන විට, ශ්‍රී ලන්කාව තුල රැකියා අපේක්ෂකයන්ගේ සීග්‍රගාමී වර්ධනයක් දක්නට ලැබේ.මෙයට හේතුව වන්නේ,ඔවුනට තමන් සොයන සිහින රැකියාව කරා යාමට නිසි මග පෙන්වීමක් රැකියා ක්ෂේත්‍රයේ නියැලෙන ආයතන වලින් නොලැබීමයි. නමුත් අද වන විට දිවයිනේ රැකියා අපේක්ෂකයින් සඳහා නිසි දැනුම ලබා දෙන බොහොමයක් ආයතන බිහිවී ඇත.

    ඔබගේ සිහින රැකියාව ඉතාමත් වේගවත් ලෙස සොයා ගැනීම සඳහා DreamJobs.lk වැනි ආයතන කරා පහසුවෙන් ලඟා විය හැක. රැකියා අපේක්ෂකයන්ට අත්වැලක් සපයන DreamJobs.lk වැනි ආයතන, අයදුම්කරුවන් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමෙන් පසු ඔවුන්ගේ කුසලතාවයන් හා පෞරුෂත්වයට ගැලපෙන සමාගම් හා තනතුරු සොයා දෙනු ලැබේ.

    DreamJobs.lk වැනි බඳවාගැනීමේ ආයතන, රැකියා ක්ෂේත්‍රයේ තිබෙන පුරප්පාඩුන් පිලිබඳ, ඔවුන් සමඟ ලියාපදින්චි වී ඇති රැකියා අපේක්ෂකයන්ව නිරන්තරයෙන්ම දැනුවත් කරන අතර ඔවුන්ගේ සිහින රැකියාව කරා යාමට මනා අත්වැලක් සපයයි.
    මෙවන් වූ දිගු කාලීන සබඳතා DreamJobs.lk වැනි ආයතන සමග පවත්වාගෙන යාමෙන්,රැකියා අපේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටි සිහින රැකියාව සොයා ගැනීම තව දුරටත් ඔවුනට සිහිනයක්ම නොවනු ඇත.

    (0)(0)



    0



    0
  2. Author says:

    නිල නාම, ස්මාර්ට් ෆෝන් , ලැප් ටොප් කොම්පියුටර්, ඔෆිස් යන්න එන්න වාහන ආදී දේවල් දිනෙන් දින ඔබට ලැබෙනවා ඇති. ඔබගේ වැඩ ඇරිල ගෙදර යන වෙලාව, දරුවන් සමග ගත කරන කාලය, බිරිඳ සමග ගත කාලය , පික්නික් එකක් යන්න වෙලාව, යාළුවකුගේ මගුලකට / අවමගුලකට යන්න වෙලාව, නිදහසේ ගෙදර ඉන්න වෙලාවක් යන මේවට මොනවද වෙලා තියෙන්නේ? ඔබට ඔබගේ ක්ශාරය උරා බොන බව තාම තේරෙන්නේ නැද්ද? ඔබ ජීවත් වන්නේ රැකියාව කිරීමටද? මේවා ලෝකයේ දියුණු රටවල් වෙනස් කරගෙන තියෙනවා! ඒ වැඩ කරන ජනතාව එකමුතුවෙලා. එකමුතුවෙලා දේශපාලකයින්ට කඩේ යන එක නවතල, වැඩ කරන අපිට දිනා ගතයුතු දේවල් දිනාගැනීම සඳහා කුමන හෝ ආකාරයකින් එකතු වෙන්න.

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435