ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ

ශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා නවක ගුරු පත්වීම් ලබාගැනීමට අපේක්ෂා කරන උපාධිධාරීන් 1327දෙනෙකුට අදාළ අවසන් වටයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මේ අනුව සබරගමුව සහ වයඹ පළාත් සභා සඳහා මෙන් ම දිවයින පුරා පිහිටි ජාතික පාසල් වෙත මෙසේ බඳවාගන්නා නවක උපදේශන ගුරුවරුන් ස්ථානගත කිරීමට අපේක්ෂිතයි.

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීය ව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් වන අතර, ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට නවක ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අදාළව අයදුම් පත් කැඳවා ඇත්තේ 2018-07-26 දිනැති ගැසට් නිවේදනය මගිනුයි. ඒ අනුව එම වර්ෂයේ නොවැම්බර් මස 25 දින පවත්වන ලද තරගවිභාගයේ ප්‍රතිඵල මත පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් පස්ගුණයක් පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබේ. එම සම්මුඛ පරීක්ෂණ 2019 වසරේ මැයි 31 සිට ජුනි 10 තෙක් පවත්වන ලද අතර, එමගින් සුදුසුකම් ලබන අයදුම්කරුවන් අතරින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත ව පැවතිණි.

මෙම සම්මුඛ පරීක්ෂණ ජනවාරි මස 06 ආරම්භ කරන ලද අතර, එය 13, 14, 16 සහ 17 යන දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435