ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද (15) සිට කි‍්‍රයාත්මකවන පරිදි තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බවයි.

අයදුම්කරුවන්ට ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල මගින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත‍්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk වෙත පිවිස ලබාගත හැකියි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435