සංක්‍රමණික සේවකයින් සඳහා හදිසි අධිකරණ යාන්ත්‍රණයක් ඇතිකරන ලෙස ඉලීමක්

කොරෝනා වසංගතයත් සමග රැකියා අහිමිව මව් රටවලට යන හෝ මව් රටවලට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන මිලියන ගණනක් සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ දුක්ඛිත තත්ත්වය විසඳීම සඳහා 2020 ජුනි 1 වන දින සිවිල් සමාජ සංවිධාන හා වෘත්තීය සමිති සන්ධානයක්  විසින් හදිසි අධිකරණ යාන්ත්‍රණයක්” සඳහා ආයාචනයක් ඉදිරිපත් කර තිබේ.

එමඟින් සංක්‍රමණික සේවකයින්ට යුක්තිය ඉටු කර ගැනීමටත් ඔවුන්ට නිසි වන්දි ලබා ගැනීමටත් හැකි වන පරිදි මෙන්ම කොරෝනා වසංගතය නිසා අහිමිවූ වැටුප් හා වෙනත් ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන ක්‍රමවත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස මෙහිදී ආයාචනා කර තිබේ.

මෙම වසංගතයත් සමඟ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය වඩාත් දුක්ඛිත තත්ත්වයකට පත්ව තිබෙන අතර ලක්ෂ ගණනක් සංක්‍රමණික සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීම්රැකියා අහිමිවීම්වැටුප් නොලැබීම් මෙන්ම ණය බරින් පීඩා විදින තත්වයකට පත්ව තිබෙන බවයි ආසියාවේ සංක්‍රමණික සංසදය (MFA) පෙන්වා දෙන්නේ.

එහිදී අසාධාරණයට පත්ව ඇති සංක්‍රමණික සේවකයින් සම්බන්ධයෙන් ප්‍රධාන අංශ තුනකින් වහාම පියවර ගන්නා ලෙස රජයන්ගෙන් හා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන මෙලෙස ඉල්ලීමක් කර තිබෙන අතර එහිදී අසාධාරණයට පත්ව ඇති සංක්‍රමණික සේවකයින් සම්බන්ධයෙන් ප්‍රධාන අංශ තුනකින් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත

1.      ජාත්‍යන්තර හිමිකම් කොමිසමක් පිහිටුවීම

2.      වන්දි අරමුදලක් ඇති කිරීම

3.      ජාතික අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම යන කාරණා ඉස්මතු කරයි.

විශේෂයෙන් මෙම ප්‍රධාන අංශ 03 හරහා වැටුප් අහිමිවූ හෝ වැටුප් කප්පාදු කළ හා වෙනත් හිමිකම් අහිමිවූ සංක්‍රමණික සේවකයින්ට සාධාරණ ලෙස ගැටළු විසදීමත් සාධාරණය ඉකිටුකිරීම සඳහා විශේෂිත ආයතනයක් පිහිටුවිය යුතු බව දක්වා තිබේ.

එමෙන්මගෝලීය හා ජාතික මට්ටමින් පිහිටුවා ඇති වන්දි අරමුදලක්  හරහා සුදුසු වන්දි ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම යනාදී වැදගත් කරුණු සාකච්ඡා කරනු ලබයි.

තවද වැටුප් අහිමිකිරීමට අදාල හිමිකම් සඳහා ජාතික මට්ටමින් ගන්නා පියවරයන් තීව්‍ර කළ යුතු අතර කඩිනම් කම්කරු උසාවි පිහිටුවීමඋසාවි ගාස්තු අය කිරීමවැටුප් ආරක්ෂණ ක්‍රමවේදයන් සකස් කිරීමවිවිධ භාෂාවලින් සේවක ඇමතුම් ලබා ගැනීමදූත මණ්ඩල සමඟ සහයෝගයෙන් ලියකියවිලි සකස් කිරීමනීති ක්‍රියා පටිපාටිවලට බලය සැපයීමනීති ආධාර සැපයීම සහ ඉදිරියට පැමිණීමට කම්කරුවන් දිරිමත් කිරීම ඔවුන්ගේ ශ්‍රම දුක්ගැනවිලි ලියාපදිංචි කිරීම වැනි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව ආසියාවේ සංක්‍රමණික සංසදය පෙන්වා දෙයි.

ගෙවිය යුතු වැටුප් හා වෙනත් හිමිකම් කඩිනම් කිරීම සඳහා වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු බවත් එමඟින් සංක්‍රමණික සේවකයින්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් ඔවුන් ජීවත්වෙන රටේ ආර්ථිකයටත් යහපත් වෙන බවයි.

අවසාන වශයෙන් ආසියාවේ සංක්‍රමණික සංසදය අවධාරණය කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සංක්‍රමණික ශ්‍රමිකයින් විවිද ගැටළුවලට මුහුණ දෙන අතර අගතියට පත් සෑම සංක්‍රමණික සේවකයෙකුටම ඔවුන්ට ලැබිය යුතු පූර්ණ අයිතිවාසිකම් සහ ගෞරවය තවදුරටත් අහිමි නොවන බවට සහතික වන අයුරින් ක්‍රියා කිරීමේ වැදගත්කමයි.

මෙම ලිපිය සමඟ ආසියාවේ සංක්‍රමණික සංසදය (MFA) ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් අමුණා තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435