සංක්‍රමිණික ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

දෙසැම්බර් 18 ජාත්‍යන්තර සංක්‍රමණික දිනයයි. ජාත්‍යන්තර සංක්‍රමණික දිනය තේමා කරගෙන ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියේ ගෘහ සේවක සංගමය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා දෙමටගොඩ දුම්රිය උත්සව ශාලාවේ දී පැවැත්විණි. කොළඹ ප්‍රදේශයේ සංක්‍රමණිකව සිටි කාන්තාවන් සහ ගෘහ සේවක සංගමයේ සංක්‍රමණික පවුල් වෙනුවෙන් පවත්වන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ආරක්ෂිතව සංක්‍රමණය සහ විශේෂයෙන් සංක්‍රමණික කාන්තාවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැගීමයි. සංක්‍රමණික කාන්තාවන් 150කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර දවස පුරා දේශන, ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාදජනක අංගයන් සිදු කරන ලදී.

වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම රැකියාවන් සඳහා විදේශගතවන කාන්තාවන් මුහුණදෙන ඛේදනීය තත්ත්වයන් සහ ආරක්ෂාකාරීව විදෙස් ගතවීම සම්නධව දැනුවත් කරන වීදි නාට්‍යයක් ද රඟ දක්වන ලදී. මෙම ගැටළු පිළිබඳ මහ ජනතාව දැණුවත් කිරීම අරමුණු කළ අතර බොරැල්ල දෙමටගොඩ මහල් නිවාස ආශ්‍රිතව මෙම රඟ දැක්වීම් සිදු කරන ලදී.

වැඩසටහනේ ආරාධිත දේශකයන් ලෙස අජිත් කළුආරච්චි මහතා සහ ලංකා බැංකු සේවක සංගමයේ කේසර කෝට්ටෙගොඩ යන මහත්වරුන් සහභාගී විය.

අනෙකුත් වෘත්තීය සමිති නියෝජනය කරමින් හරිප්‍රිය හෙට්ටිආරච්චි, ජානක ප්‍රනාන්දු, ජනක ප්‍රනාන්දු, යන අය සහභාගී වූ අතර සොලිඩරිටි සහයෝගිතා මධ්‍යස්ථානය නියෝජනය කරමින් යොගීෂ්වරී මහත්මිය සහ ශාන් ෆයිසර් යන අය සහභාගී විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435