ටෙලිකොම් එකට සේවය සපයන අයට වටිනාකමක් නැත්තේ ඇයි..?

2015-05-29 දින 7 වන සංවත්සරය සැමරීමට සූදානම් වන SLT HCS හෙවත් නූතන මෑන්පවර් වහල් කඳවුර විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවයේ යොදවා ඇති මා විසින් මාගේ නිවසේ අළුත්වැඩියා කටයුත්තක් සඳහා ණය මුදලක් ලබා ගැනීමට පුද්ගලික බැංකුවක් වෙත ගියෙමි.

එහි සිටි බැංකු නිලධාරිණියකට මා ණය මුදල ඉල්ලා සිටින කරුණු කාරනා පවසා සිටි අතර එවිට ඇය මා එහි බැංකු කළමණාකාර තුමා වෙත යොමු කලාය. එහි දී මා ඔහු හට මාගේ රැකියාවේ විස්තර හා ණය මුදල අවශ්‍යව ඇති කාරණාද පැහැදිලි කලේය.

මා ඉතාමත් අපහසුතාවයට පත් කරමින් ඔහු කියා සිටියේ ආයතනයක නම වෙනස් වූ පමණින් මෑන්පවර් යන සේවා සැපයීම වෙනස් නොවන බවයි. මා මෑන්පවර් සේවකයකු බැවින් මා හට එම ණය මුදල ලබාදීම ප්‍රතික්ෂේප විය.

මේ වන විට වයස අවු:36 වන මා මාගේ බිරිඳ සමඟ තවමත් ජීවත් වන්නේ මාගේ පියාගේ නිවසේය. 2015-25-29 දින මහ ඉහළින් 7 වන සංවත්සරය සැමරීමට යන ආයතනයේ සත් වසරක් සේවය සපුරා ඇතත් මා සිටින තත්වය එයයි.

මාගේ රැකියාවේ පිළිගැනීමද එයයි. එවන් ආයතනයක් මේ ආකාරයෙන් සංවත්සරයක් සැමරීමට යන්නේ කවුරුන් සතුටු කිරීමටද? එම ආයතනයේ සේවය කරන සේවකයාටද හරි හමන් ස්ථාවරයක් ලබා දී නොමැති මෙම ආයතනය ඒ සියළු වැරදි වසාගන්නට යන්නේ ලැජ්ජා සහගත අයුරින් සංවත්සරය සමරමිනි.

මුලාශ්‍රය: ෆේස්බුක්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435