සංවර්ධන නිලධාරින් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි සංගමය විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ සංවර්ධන නිලධාරින්ගේ ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසය.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

  1. සමස්ත රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන් 13000ක් පමණ සැලකිය යුතු ප‍්‍රමාණයක් 1993 සිට 2019 වසර දක්වා බඳවාගත් සංවර්ධන නිලධාරින්ගෙන් සමන්විත වේ.
  2. එම සංවර්ධන නිලධාරින්ගේ සේවයේ මේ වනතෙක් නොවිසදුනු ගැටලූ ගණනාවක් ඇත.
  3. 2018 වසරේ අගෝස්තු මස බඳවාගත් සංවර්ධන නිලධාරින් අවුරුද්ද අවසන්ව මාස 4කට ආසන්න වෙතත් මේ වනතෙක් ස්ථිර කර නොමැත. (වසරකින් ස්ථිර කිරීමේ පදනමින් බඳවාගන්නා ලදී)

මේ හේතුවෙන් ඔවුන්ට සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු සහ අනෙකුත් දීමනාවන් ලබාගැනීමට නොහැකි වී ඇත.

  1. 2019 එනම් මෙම වසරේ සැප්තැම්බර් මස බඳවාගත් සංවර්ධන නිලධාරින්ට මාසික දීමනාව විධිමත් පරිදි නොලැබීම

iii. 2012 වසරේ බඳවාගත් සුදුසුකම් නිසි පරිදි සපුරා ඇති නිලධාරින් සඳහා පරිවාස කාලය සපුරා වසර 2ක් ඉක්මවා තිබියදීත් ස්ථිර ලිපි නොලැබීම

  1. සංවර්ධන නිලධාරින්ට විධිමත් රාජකාරි ලැයිස්තුවක් ලබානොදීම
  2. රාජ්‍ය සේවය තුළ සංවර්ධන නිලධාරි සේවය විධිමත්ව ස්ථානගත කර නොමැතිවීම
  3. විධිමත් උසස්වීම් පටිපාටියක් නොමැතිවීම

vii. රාජ්‍ය සේවයේ අහිමි කර ඇති විශ‍්‍රාම වැටුප පිළිබඳ ගැටලූව

මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකොට ගැටලූ සාකච්ඡා කිරීම සඳහා අප සංගමයට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435