සංවර්ධන නිලධාරින් ස්ථිර කරන ලෙස ඉල්ලති

2018 අගෝස්තු මාසය තුළදී බඳවාගත් උපාධිධාරීන් ස්ථිර කිරිම සම්බන්ධව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරි සංගමය විසින් එම පිරිස කඩිනමින් ස්ථිර ලෙසය.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ එනම්, 2018 අගෝස්තු මස සංවර්ධන නිලධාරීන් ලෙස උපාධීධාරින් 5000ක් බඳවා ගන්නා ලදි. ඉන් 3200ක් වැඩ බාරගෙන ඇති අතර, ඔවුන් මේ වන විට වසරක පුහුණු කාලය අවසන් කර ඇත. එනිසා එම පිරිස කඩිනමින් ස්ථිර කිරීමට අදාළ කටයුතු සිදුකරන මෙන් ඉල්ලා සිටිමු.

තවද තමන හේතුවක් මත හෝ ස්ථිර කිරිමේ ලිපි බාරදීම ප්‍රමාද වන්නේ නම් ස්ථිර ලිපි ලබාදෙන තෙක් ස්ථිර පත්වීමට අදාළ වැටුප්, දීමනා හා අයිතිවාසිකම් සියල්ලත් අදාළ දින දාතම සිථිර කරන දිනයත් ලිපියේ සඳහන් කරන මෙන්ද කාරුණිකව ඉල්ලමු.

මෙම ලිපිය සමග සංවර්ධන නිලධාරීන්ගේ අත්සන් ලේඛනයක්ද අමුණා යවා ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435