සංවර්ධන නිලධාරින් 28 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම, ප‍්‍රසූත නිවාඩු කප්පාදුව ඇතුළු ගැටළුවලට විසඳුම් ඉල්ලා රාජ්‍ය සේවා අමාත්‍යාංශ බලධාරීන් හමුවී සාකච්ඡා කිරීම සඳහා සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සැප්: 28 දින පෙරවරු 10.00 රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත යන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2018-2019 වර්ෂයේ අභ්‍යාසලාභී පුහුණුව බඳවාගත් උපාධිධාරීන්ගේ සේවා කාලය කප්පාදු කිරීම, 2019 බඳවාගත් උපාධිධාරීන් ස්ථීර නොකිරීම මේ වනවිට බරපතල ගැටළුවක්ව පවතී. එමෙන්ම 2020 සැප්: 02 දින අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වූ අභ්‍යාසලාභී නිලධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීම ඇතුළු ගැටළු කීපයක් උද්ගත ඇති අතර මේ පිළිබඳ මීට පෙර අවස්ථා කීපයක දී රජයේ අවධානය යොමු කළත් ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබා දී නැත.

  • 2019. 08. 01 සහ 2019. 09. 16 දින අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් කරගත් මේ වන විට වසරක පුහුණුව නිමා කර ඇති අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා යොමුකර ඇති අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවට මෙතෙක් අනුමැතිය ලබා නොදීම.
  • අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී වසරක පුහුණුව අවසන් වන පසු දිනට ස්ථීර පත්වීම් දිනය බවට පත් කිරීම.
  • ස්ථීර, තාවකිලික , අභ්‍යාසලාභී ඕනෑම කාන්තා නිලධාරිනියකට හිමි අවම මූලික දින 84 (සති 12) ප්‍රසූත නිවාඩු හිමිකම කප්පාදු කර අභ්‍යාසලාභී උපාධිධාරී කාන්තාවන්ට එම ප්‍රමාණය දින 42 (සති 6) දක්වා අඩු කිරීම.
  • අභ්‍යාසලාභී පුහුණුව අවසන් කර ස්ථීර කිරීමේ දී අහිමි කරන සේවා කාලය ස්ථීර පත්වීම් සේවා කාලයට එක් කිරීම.

ඉහත ගැටළු සම්බන්ධයෙන් වන මෙතෙක් පැවති සාකච්ඡාවල තීරණ පිළිබඳ සාමාලෝචනය කිරීම හා අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සඳහා අනුමැතිය ලබා දීමේ ප්‍රමාදය පිළිබඳ කරුණු සොයා බැලීමට 2020. සැප්. 28 දින පෙ. ව. 10.00 ට ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙත්නකෝන් මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම් ඇතුළු බලධාරීන් හමුවීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇත.

ඒ සඳහා සංවර්ධන නිලධාරී සේවා සංගමයේ නියෝජිතයින් පිරිසක් 2020.09.28 (සඳුදා) දින පෙ.ව. 10.00ට අමාත්‍යාංශය වෙත යන අතර එම අවස්ථාවේ මාධ්‍ය වෙත කරුණු දැක්වීමට නියමිත අතර ඒ සඳහා ඔබ මාධ්‍යය ආයතනයට ද ආරාධනා කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435