සංවර්ධන නිලධාරියා, මම සහ රාජ්‍ය සේවය ගැන කියමනක්

මෙම සටහන මුහුණු පොතේ එක් කරනවාද? නැතිද? යන්න දිගු කල්පනාවක නිමග්නව අවසානයේ මෙසේ එක් කරන්නට ඉටා ගතිමි…

ඒ සදහා ප්‍රධාන ප්‍රස්තුතය වුයේ වර්තමානයේ සංවර්ධන නිලධාරි තනතුරට පැසසුම් වලට වඩා ගල් මුල් නොමදව ලැබීමය…

මෙම සටහන කියවා බලා ඔබේ අදහස්ද එක් කල මැනවි.

මම 2012 වර්ෂයේ රැකියාගත වු සංවර්ධන නිලධාරීයෙක්මි..

දැනට වසර 08 ආසන්න සේවා කාලයක් සපුරමි. රැකියාව ලබා ගැනීමට පෙර මගේ ජීවිත කතාවේ මතකයන් කිහිපයක් එක් කරමි.

මම අ.පො.ස. උ/පෙළ. කලා විෂය ධාරාවෙන් හදාරා (දේශපාලන විද්‍යාව/සිංහල/ඉතිහාසය) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුවෙමි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී ජනසන්නිවේදනය, සමාජ විද්‍යාව, සිංහල විෂය හැදැරුවෙමි. මේ දිනවල M.A. සදහා අධ්‍යයන කටයුතු සිදු කරමි.

පාසල් ජීවිතයේ ක්‍රීඩා හා කලා කටයුතු සිදු ක⁣ළෙමි. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයට තේරී පත් විය. සමස්ත ලංකා ක්‍රීඩා හා නර්ථන තරගාවලි ජයග්‍රහණ දහසයකි.

ඉහත කරුණු හුදෙක් මා වර්ණනා කිරීම අරමුණු කර ඉදිරිපත් නොකළෙමි. මාගේ උත්සහාය වුයේ, මා මෙන්ම අනෙකුත් සංවර්ධන නිලධාරීන් ද මෙවන් පසුබිමක් දරන බව අදහස් කිරීමටය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාල වකවානුව අතරතුර ග්‍රාම නිලධාරී විභාගයට පෙනී සිට මාගේ ප්‍රා.ලේ.කො. පළමු වැනියා වී සමත් විය. නමුත් අධ්‍යයන කටයුතු හේතුවෙන් එම රැකියාවට එක් නොවීය.

අධ්‍යයන කටයුතු අවසන් කළ පසු කොළඹ පෞද්ගලික ආයතනයක සේවයට එක් වුයෙමි. එකල වැටුප රු. 50,000.00 ආසන්න විය. නමුත් එම මුදල ලබා ගැනීමට රු.ලක්ෂයක කැප කිරීම් කරන්නට සිදු විය. උදේ 06 නිවසින් පිටවී යන මම නැවත එන්නේ රාත්‍රී 10.00 පසුවය.

අනතුරුව 2012 වර්ෂයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් බදවා ගැනීමේ වැඩපිළිවෙලට එක් විය.

රාජ්‍ය සේවයට එක් වීමට වැඩි කැමැත්තක් නොවුවත් පෞද්ගලික කරුණු කිහිපයක් මත (මාගේ ප්‍රදේශයේම රැකියාව කිරීමට හැකි වීම, දෙමාපියන් වයස්ගත වීම) ආදී කරුණු කාරනා කිහිපයක් ඒ සදහා බලපෑවේය.

හොදම කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය…

2012 සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් අවස්ථාවේ සිට මේ මොහොත දක්වා මිහිරි මතකයට වඩා අමිහිරි මතක බහුලය.

සම්මුඛ පරීක්ෂණයට සහභාගි වු දිනයේ උදේ 08.00 සිට සවස 06.00 දක්වා කට්ටක් කෑවේය. මේ වන විටත් දෙවන භාෂා ප්‍රවීණතාවය, කාර්යක්ෂමතා කඩයිම් සියල්ල සම්පූර්ණ කර තිබුණද ස්ථීර පත්වීම් ලිපිය නොලැබුණි.

මේ වන තෙක් රජය විසින් ස්ථීර රාජකාරි ලැයිස්තුවක් ලබා දී නොමැත. නමුත් මාගේ නිර්මාණ ශක්තියෙන් හැකි උපරිම මට්ටමේ වැඩ කොටසක් ඉටු කරමින් පවති.

සංවර්ධන නිලධාරී තනතුර සදහා සමාජයේ නොයෙක් දුර්ගුණ දකින දුර් ගුණ වයන මිනිසුන් පිරිසක් වෙති.

ඔවුන් සදහා මෙසේ පිළිතුරු සපයමි…

නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය නෙලාගත් අප, සමාජයේ සුවිශේෂී පුද්ගලයක් වන්නෙමු. තරගකාරි අධ්‍යාපන රටාව හමුවේ එය සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව අප සියලු දෙනා දන්නා කරුණකි.
එවන් කැපකීරීම් සම්භාරයක් සිදුකර ජයගත් අප කිසි දිනක පිං බත් කෑමට රාජ්‍ය සේවයට එක් නොවුවෙමු. අපද වැඩ කරන්නට කැමතිය. රජය අපෙන් වැඩ ගන්නට නිවැරදි ක්‍රමවේදයක් සම්පාදනය නොකර අපට නිකරුනේ දෝෂාරෝපණය කිරීම සාධාරණද? අප ඉල්ලන්නේ වැඩය… අප වැඩ කිරීමට කැමතිය… මේ රට ලස්සන කරන්නට අපගේ දායකත්වය දක්වන්නට අප සැදි පැහැදි සිටිමු..

එමෙන්ම සෑම කේෂ්ත්‍රයකම වැඩ කරන හා වැඩ නොකරන පිරිස් සිටිති. අපගේ සුලු නිලධාරීන් පිරිසක් ද එසේ වන බව නිහතමානීව පිළිගනිමි.
නමුත් සැබෑම ගැටලුව නම් අප සියලු දෙනාගෙන්ම වැඩක් ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකමය..

අවසාන වශයෙන් මෙසේ සටහන් කර නවතිමි…

ඔබේ දරුවා ද දිනක , විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාර අවසානයේ සංවර්ධන නිලධාරී තනතුරටම පත් විය හැකිය.

එබැවින් අපට දෝෂාරෝපනය කිරීමට පෙර කරුණු හරි හැටි තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කරනු මැනවි..

අප වැඩ කිරීමට කැමතිය….
අපෙන් වැඩ ගනු මැනවි…..

එස්. කේ. ජයසිංහ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. රජයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් බඳවාගන්නවා නම් මෙහෙම ප්‍රශ්ණයක් ඇති වෙන්නේ නැහැ. උද්ඝෝෂණ උපවාස කරලා රාජ්‍ය සේවයට බලෙන් ඇතුළු වෙලා රටට බරක් වෙන එක වැරදියි.

    (0)(0)



    1



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435