සංවර්ධන නිලධාරී ඇතුළු රජයේ රැකියා සොයන උපාධිධාරීන්ට රැකියා අවස්ථා!

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ තනතුරු සඳහා බඳවා ගැනීම

තනතුරු

  1. ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති පර්යේෂණ නිළධාරී

වැටුප් පරිමාණය : රු.59,540 – -10 x 1570 – 75,240 (වසර 2018)
රු.76,200 – 10 x 2000 – 96,200 (වසර 2020)

  1. සංවර්ධන නිළධාරී

වැටුප් පරිමාණය : රු.30,074 – 15 x 599 – 39,059 (වසර 2018)
රු.37,970 – 10 x 755 – 15 x 930 – 5 x 1135 – 65,145 (වසර 2020)

මූලික සුදුසුකම්                              

  1. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
  2. දණ්ඩ නීති සංග්‍රහය යටතේ උසාවියකින් වරදකරුවෙකු වී දඩුවම් ලැබූවකු නොවීම.
  3. 2018.11.12 වන දිනට
    ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති පර්යේෂණ නිළධාරී – වයස අවුරුදු 30ට නොඅඩු හා 55 ට නොවැඩි විය යුතුය.
    සංවර්ධන නිළධාරී – වයස අවුරුදු 22ට නොඅඩු හා 45 ට නොවැඩි විය යුතුය.

සුදුසුකම් හා පළපුරුද්ද මත අයදුම්කරුවන් කෙටි ලැයිස්තුගත කර සම්මුඛ පරීක්ෂණයක් හා /හෝ ලිඛිත විභාගයක් සඳහා කැඳවනු ලැබේ.

සම්පුර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යාපන හා වෘත්තිය සුදුසුකම් වලට අදාල පිටපත් සමඟ 2018.11.12 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ සභාපති, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, නො. 126, නාවල පාර, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

වැඩි විස්තර පහත නිවේදනයේ දැක්වේ.

අයදුම්පත පහත දැක්වේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435