සංවිධානගත වූ අවිධිමත් අංශ‍යේ කම්කරුවන් සිය තෙවන සංවත්සරය ජයග්‍රාහීව සමරයි

ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය පෞද්ගලික සහ විධිමත් අංශයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියකි. වසර 3ක පමන කෙටි ඉතිහාසයක් තුළ වෘත්තීය සමිතියක් ලෙස තැබූ ඉදිරි පියවරයන් සහ ක්‍රියාමාර්ග නිසා කම්කරුවන් තුළ විශේෂයෙන්ම අවිධිමත් අංශයේ කම්කරුවන් තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගී ඇත.

පසුගියදා (25) ප්‍රොටෙක්ට් සංගමය තවත් ජයග්‍රහණයක් ලෙස සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. එනම් කොළඹ ප්‍රදේශය පමණක් කේන්ද්‍ර කරගනිමින් පැවති වෘත්තීය සමිති කටයුතු භූගෝලීය වශයෙන් පුළුල් කිරීමේ ප්‍රථිපලයක් ලෙස හැටන් සහ ලක්ෂපාණ ප්‍රදේශවල නව ශාඛා සංගම් පිහිටුවන ලදී. පසුගිය වසර තුළ සිදු කරන ලද අවිධිමත් කම්කරුවන් සංවිධානය කිරීමේ වැඩපිළිවෙලේ වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙය සිදු කරන ලද  අතර පසුගිය දා පැවැති ප්‍රොටෙක්ට් සංගම් වාර්ෂික මහ සභාවේදී එය සම්මත විය. මෙහිදී වෘත්තීය සමිතිය සඳහා නව නියෝජිතයන්ද පත් කර ගත් අතර එහි අවිධිමත් අංශයේ කම්කරුවන්ට ද නියෝජනයක් හිමි වීම ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතියක් විසින් සිදු කරන ලද සුවිශේෂී කාර්යයකි.

මෙය නියොජනය කරන ලද කම්කරු නියෝජිතයන්ගෙන් බහුතරය ගෘහ සේවක කම්කරුවන්ය. ඔවුන් වෙනුවෙන් යහපත් රැකියා කොන්දේසි, අයිතිවාසිකම් සහ ගෞරවණීය ලෙස සිදු කළ හැකි රැකියාවක් ලෙස රට තුළ පිළිගැනීමට ලක් කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී. එසේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් අනුමත කරන ලද ගෘහ සේවකයින් සඳහාත් ශිෂ්ට රැකියාවක් යන අරමුණ සහිත ILO C189 ප්‍රඥප්තිය රට තුළ සම්මත කර ගැනීමටත් එහි නිර්දේශ අනුව ගෘහ සේවකයන් සඳහා රජය මගින් පිළිගන්නා නිශ්චිත වැඩපිළිවෙලක්  සකස් කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කරන ලදී. විධිමත් සහ අවිධිමත් කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාවය සහ ඔවුන්ගේ අයිත්වාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීම සංගමයේ ප්‍රධාන අරමුණ බව එහිදී සාකච්ඡා විය.

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435