සංවිධානය වීමට හා සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය 1948 (අංක 98)

සංවිධානය වීමට හා සාමුහිකව කේවල් කිරීමට ඇති අයිතිය පිළිබඳ සම්මුතිය 1948 (අංක 98)

ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම: 1972

2015 අගෝස්තු මස 31 දිනැතිව ලැබුනු වෘත්තීය සමිති විරෝධී ලෙස වෙනස් කොට සැලකීම​, වෘත්තීය සමිති සාමජිකයන්ට කරනු ලබන මැදිහත්වීම් හා පලිගැනීම් වැනි සිද්ධීන් දක්වාලමින් IndusrriALL විසින් එවන ලද නිරීක්‍ෂණ හා තවත් කරුණු කෙරෙහි කමිටුව අවධාරණය යොමුකරනු ලබයි. ඒ සම්බන්ධයෙන් තම කරුණු ඉදිරිපත් කරන ලෙසට කමිටුව රජයෙන් ඉල්ලා සිටී.  එමෙන්ම වෘත්තීය සමිති විරෝධී ලෙස වෙනස්කොට සැලකීම, අපනයන සැකසුම් කලාපය තුළ සිදුවූ සේවයෙන් පහකිරීම් වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කළ 2014 ITUC නිරීක්‍ෂණයන්ද කමිටුව සටහන් කරගනිමින් ඒවා ගැනද රජයේ කරුණු දක්වන මෙන් ඉල්ලා සිටී.

රජය විසින් හාම්පුතුන්ගේ සම්මේලනය හා 2011 වසරේ ජ්‍යාත්‍යන්තර හාම්පුතුන්ගේ සංවිධානය (IOE) විසින් කළ නිරීක්‍ෂණ සම්බන්ධයෙන් කර ඇති සඳහන මෙන්ම 2012 හා 2014 ITUC  නිරීක්‍ෂණයන් කෙරේද කමිටුව තවදුරටත් සිය අවධානය යොමු කරයි. රජය තම වාර්තාවෙන් ලංකා ජාතික කම්කරු සංගමය (LJEWU) විසින් 2012දී කළ නිරීක්‍ෂණයන් ආමන්ත්‍රණය කර ඇති බවද කමිටුව සනිටුහන් කරයි.

ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) විසින් ජාතික කම්කරු ප්‍රතිපත්තිය, නීතීරීති හා භාවිතයන්ට  -විශේෂයෙන් එක්රැස්වීමේ නිදහස හා සාමූහික කේවල් කිරීමට- අදාලව වියයුතු වර්ධනයන් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡාකොට ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ත්‍රෛපාර්ශවික අනුකොමිටියක් පිහිටු වීමට 2011 පෙබරවාරි 1 දින තීරණය කර ඇති බවට රජය විසින් කර ඇති සඳහන පසුගිය වර කමිටුව විසින් සැලකිල්ලට ගනී​. මෙම ත්‍රෛපාර්ශවික කමිටුව ධනාත්මක ප්‍රතිඵල ගෙනදෙනු ඇතැයි කමිටුව බලාපොරොත්තු පලකළේය​.  සේව්‍ය හා සේවක දෙපක්‍ෂය විසින්ම සම්මුතිය ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් කාර්මික ආරවුල් පනතට වියයුතු සංශෝධන ඉදිරිපත් කර ඇති බවත් එකඟත්වයකට පැමිනීමකින් තොරව එම යෝජනා සාකච්ඡාකොට ඇති බවත්, NLAC අනු කමිටු මට්ටමින් එම සාකච්ඡා තවදුරටත් පැවෙත්වෙනු ඇති බවටත් රජය විසින් තම වාර්තාවේ දක්වා තිබීමද කමිටුව සැලකිල්ලට ගනී. NLAC විසින් 2011 මාර්තු 7 තීරණය කළ ආකාරයට නිදහස් වෙළඳ කලාප සඳහා ත්‍රෛපාර්ශවික කමිටුවක් පිහිටු වීමේ යෝජනාව මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවට​ IndustriALL විසින් කර ඇති සඳහනද කමිටුව වැඩිදුරටත් අවධානයට ගනී. ඉහතින් දැක්වූ ත්‍රෛපාර්ශවික සභාවන් පිහිටුවීමට හා ඒවායේ ක්‍රියාරීත්වයන්ට අදාලව වන ඕනෑම වර්ධනක් සම්බන්ධ තොරතුරු අප වෙත ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින අතර කමිටුව විසින් පසුගිය වසර ගණනාවක් පුරා අවධාරණය කර සිටි කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රෛපාර්ශවික යන්ත්‍රනයන් විසින් කම්කරු නීති රීති සංශෝධන කිරීමේ දිශාවට වන ප්‍රගතශීලී දායකත්වයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු පලකර සිටී.

සම්මුතියේ 1 වගන්තිය. වෘත්තීය සමිති විරෝධී ලෙස වෙනස් කොට සැලකීමට එරෙහිව ඇති ආරක්‍ෂාව​. ඵලදායි හා කඩිනම් ක්‍රියාමාර්ග. වෘත්තීය සමිති විරෝධී ලෙස වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියක නඩු පැවරීමට හැක්කේ කම්කරු දෙපර්තමේන්තුවට පමණක් බවත් උසාවිය හමුවේ එවැනි නඩුවක් පැවරිය යුතු අනිවාර්‍ය කාල සීමවක් නියම කර නොතිබීමත් යන කරුණු සැලකිල්ලට ගත් පසුගිය කමිටුව අසාධාරණ කම්කරු පිළිවෙත් සම්බන්ධයෙන් ඵලදායි හා වේගවත් ක්‍රියා පටිපාටියක් තහවුරු කරන ලෙසත් අසාධාරණ කම්කරු පිළිවෙත් වලින් අගතියට පත්වන පාර්ශවයන්ට ඍජුවම අධිකරණයට පැමිනිලි කළ හැකිවීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටීය​. කමිටුව තවදුරටත් රජයට ආරාධනය කර සිටියේ වෘත්තීය සමිති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට ඍජුවම අධිකරණයට පැමිණිලි කළ හැකි තත්ත්වයක් ඇතිකිරීමේ හැකියාව සොයා බැලීමට ත්‍රෛපාර්ශවීය සකච්ඡාවන් ඉදිරියට ගෙන යන ලෙසටය​. රජය වෘත්තීය සමිති විරෝධී ක්‍රියාවන් නිසා අගතියට පත්වන කම්කරුවන්ට අධිකරණයට පැමිණිළි කළ හැකිවන ලෙසත් වෘත්තීය සමිති විරෝධී ක්‍රියාගැන වෘත්තීය සමිති වලටද ඍජුවම අධිකරණයට පැමිණිළි කිරීමට හැකියාව ලැබෙන ලෙසත් කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීමට කැමැත්ත දක්වා තිබීම පිළිබඳව කමිටුව වුවමනාවෙන් සැලකිලිමත් වෙයි. කම්කරු දෙපර්තමේන්තුව වෘත්තීය සමිති විරෝධී ලෙස වෙනස් කොට සැලකීම් වලට එරෙහිව වන ක්‍රියා වලිය වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගණනාවක් ගනු ලැබ ඇතත් නිවැරදි තොරතුරු නැතිකම අධිකරණ ඉදිරියේ සක්‍ෂි දීම සඳහා පැමිණීමට කම්කරුවන් දක්වන අකමැත්ත වැනි ක්‍රියාපටිපාටිය ප්‍රමාද වීමට හේතුවන ප්‍රායෝගික දුෂ්කරතා ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇති බවට රජය විසින් කරන කරුණු දැක්වීමටද කමිටුවේ අවධානය යොමුවේ. අවසාන වශයෙන් කාර්මික ආරවුල් පනතේ හාම්පුතුන්ගේ පාර්ශවයෙන් වන අසාධාරණ ක්‍රියා පිළිවෙත් පමණක් දක්වා තිබීමත්, සේවක පාර්ශ්වයෙන් විය හැකි අසාධාරණ පිළිවෙත් දක්වා නොතිබීමත්  නිසා කම්කරු ආරවුල් පනත අසාධරණ බවට හාම්පුතුන්ගේ සම්මේලනය හා ජ්‍යත්‍යන්තර හාම්පුතුන්ගේ සංවිධානය විසින් කර ඇති නිරීක්‍ෂණ සලකා බැලීමට රජය අදහස් කර තිබීමද කමිටුව අවධානයට ගනී. නැවත වරක් කමිටුව රජයෙන් ඉල්ලා සිටින්නේ නුදුරු අනාගතයේ දී වෘත්තීය සමිති විරෝධීව වෙනස් කොට සැලකීමෙන් අගතියට පත්වන කම්කරුවන්ට අධිකරණයක් හමුවේ පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. වෘත්තීය සමිති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් වෘත්තීය සමිති වලට ඍජුවම අධිකරණයක් හමුවේ නඩුවක් ගොණු කිරීමට හැකි වන සේ කාර්මික ආරවුල් පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගනු ඇතැයි ද කමිටුව තව දුරටත් බලාපොරොත්තු පල කරයි. හාම්පුතුන්ගේ සම්මේලනයේ හා ජ්‍යත්‍යන්තර හාම්පුතුන්ගේ සංවිධානයේ නිරීක්‍ෂණ සම්බන්ධයෙන් ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් පිළිබඳ තොරතුරු ලබාදෙන මෙන්ද කමිටුව රජයෙන් ඉල්ලා සිටී. වෘත්තීය සමිති විරෝධීව වෙනස් කොට සැලකීම පිළිබඳව නඩු වලට අදාලව අධිකරණය විසින් විභාග කළ වෙනස් කොට සැලකීම, අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා ගතවූ කාලය​, පනවනු ලැබූ දඬුවම් හෝ ලබා දුන් සහනයන් පිළිබඳ විස්තර කමිටුව වෙත ලබාදෙන මෙන්ද කමිටුව තවදුරටත් ඉල්ලා සිටී.

වගන්තිය 4. සාමූහික කේවල්කිරීමට  උනන්දුකරවීම​ සඳහා ගත් ක්‍රියා මර්ග. සාමූහික කේවල් කිරීමට උනන්දුකරවීම වෙනුවෙන් ගත් පියවරයන්ගේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මෙයට පෙර කමිටුව රජයෙන් ඉල්ලා ඇත​. කම්කරු අමාත්‍යංශය යටතේ ස්ථාපිත කර ඇති සමාජ කතිකා හා වැඩපල සහයෝගීතා ඒකකය (SDWC) විසින් සාමාන්‍ය ජනතාව තුළත් වැඩපල තුළත් සාමූහික කේවල් කිරීම පිළිබඳව වන දැනම පුලුල් කිරීම වෙනුවෙන් වැඩ පිළිවෙලවල් ගණනාවක් ක්‍රියාත්මක කොට ඇති බවට රජය විසින් කර ඇති සඳහන කමිටුව විසින් අවධානයට ගනී. 2014/15 කාලය තුළ SDWC විසින් සංවිධානය කළ වැඩමුළු 400ක් සඳහා 20,000ට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බවට රජය විසින් ලබා දී ඇති තොරතුරු කමිටුව වුවමනාවෙන් අවධානයට ගනී. සාමූහික කේවල් කිරීම සඳහා උනන්දු කරවීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින කමිටුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටී.

අපනයන සැකසුම් කලාප (EPZ­).  EPZ වල කම්කරුවන්ට සංවිධානය වීමේ හා මේ අයිතිය භාවිතයේ නැගීමේ ඇති දුෂ්කරතා පිළිබඳව ITUC  විසින් කරන ලද සඳහන් කිරීම් කමිටුව විසින් කලින් සටහන් කර ඇත​. එම දුෂ්කරතා මේ දක්වාත් පවතින බවට ඔවුන් විසින් මෑතදී කළ නිරීක්‍ෂණයන් අනුවද පෙනීයන බවට ITUC හා ​ IndustriALL  විසින් කර ඇති සඳහනද කමිටුව අවධානයට ගනී. කම්කරු අමාත්‍යංශයේ පරීක්‍ෂක වරුන්ට EPZ කම්හල්වලට දැනුම් දීමකින් තොරව තම කටයුතු සඳහා ඇතුළු විය නොහැකි බවට ITUC විසින් කලින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අදාල පරීක්‍ෂකවරුන්ට ආයෝජන මණ්ඩලයේ (BOI) හෝ අදාල කර්මාන්ත ශාලාවේ හෝ අවසරයකින් තොරව ඕනෑම කර්මාන්ත ශාලාවකට ඇතුළු විය හැකි බවත් කම්කරුවන් අතර හා ඔවුගේ නියෝජිතයන් සමග පුද්ගලික සාකච්ඡා පැවැත්විය හැකි වනසේ වෘත්තීය සමිති පහසුකම් මධ්‍යස්ථාන EPZ තුනක ස්ථාපිතකර ඇති බවත් රජය විසින් සඳහන් කර ඇත​. එකී පහසුකම් මධ්‍යස්ථාන ස්ථාපිතකර ඇති ආකාරය අනුව කම්කරුවන්ට ඒවා වෙත සමීප වීම දුෂ්කර බව ​ IndustriALL දක්වා තිබීමද​ කමිටුව සැලකිල්ලට ගනී. EPZ තුළ ආයෝජන මණ්ඩලය විසින් වෘත්තීය සමිති වලට ආදේශකයක් ලෙස සේවක සභා සඳහා අනුබල දෙන බවට ITUC විසින් කලින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් EPZ තුනක් තුළ පිහිටුවා ඇති සේවක සභා ලියාපදිංචි වෘත්තීය සමිති බවට පරිවර්තනය කර ඇති බවටත් හාම්පුතුන් විසින් සේවක සභා  තම වාසිය වෙනුවෙන් හසුරුවා ගැනීම ගැන කටයුතු කිරීම වෙනුවෙන් ඒකක තුනක් ස්ථාපිත කර ඇති බවටත් රජය විසින් දක්වා තිබීම කමිටුවේ අවධානට ලක්වේ. EPZ හා කාර්මික සැකසුම් කලාප වල ඇති ආයතන 34ක වෘත්තීය සමිති සමිති පිළිගැනිම සහතික කිරීම, එකී ආයතන තුරින් 18ක පඩි පතින් ස්වයංක්‍රීයව සමිති දායක මුදල් කැපීමේ පහසුකම සැලසීම සිදු කොට ඇති අතර මෙකි ආයතන අතුරින් 6ක සාමුහික ගිවිසුම් අත්සන් කොට ඇති බවට රජය විසින් කර ඇති සඳහන කෙරේද කමිටුවේ අවධානය යොමු වේ. එසේම 2013-15 කාලය තුළ ILO කොළඹ කාර්‍යාලය විසින් සංවිධානය කළ සාමූහික කේවල් කිරීම පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් වලට අපනයන සැකසුම් කලාප (EPZ) සේවකයින් හා හා සේවායෝජකන් 2,148ක් සහභාගීවී ඇති බවද කමිටුව සනිටුහන් කරයි. EPZ තුළ සේවකයින් හට සංවිධානය වීමට හා සාමූහිකව කේවල් කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් රජය හා සේවක සංවිධාන ඉදිරිපත් කරන ප්‍රකාශයන් අතර පවතින වෙනස්කම් සැලකිල්ලට ගනිමින් කමිටුව රජයෙන් ඉල්ලා සිටින්නේ EPZ තුල සම්මුතිය ක්‍රියාවේ යෙදවීම සහතික කරනු වස්, ඇති දුෂ්කරතා හා එම දුෂ්කරතා සම්බන්ධයෙන් ගත් නිශ්චිත පියවරයන් පිළිබඳ තොරතුරු කමිටුවට ලබාදෙන ලෙසයි. විශේෂයෙන්ම වෘත්තීය සමිති වල සාමුහික කේවල් කිරීමේ අයිතිය අවතක්සේරු වන ආකාරයට සේවක සභා යොදාගැනීම සිදු නොකිරීම සහතික කරන ලෙස කමිටුව රජයට සිදු කර ඇති ඉල්ලීම නැවත අවධාරණයට කර සිටි.  කමිටුව තව දුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ EPZ තුළ වෘත්තීය සමිති විසින් ඇති කරගත් සාමූහික ගිවිසුම් ප්‍රමාණය හා ඒවා මගින් ආවරණය වන සේවකයින් ගණන පිළිබඳ තොරතුරු කමිටුවට ලබාදෙන ලෙසය​.

සාමූහික කේවල් කිරීම සඳහා වූ නියෝජනත්ව අවශ්‍යතා. කාර්මික ආරවුල් පනතේ 32(a) (g) වගන්තිය අනුව යම් වෘත්තීය සමිතියකට කේවල් කිරීම අදාල වන සේවකයන්ගෙන් 40%කට නොඅඩු සාමාජික සාංඛ්‍යාවක් සිටින විට සේව්‍යාට එකී කේවල් කිරීම ප්‍රතික්‍ෂේප කිරීමට නුපුළුවන් බවට සඳහන් වන බව කමිටුවේ කලින් සටහන් වලින් දක්වා ඇත​. යම් වෘත්තීය සමිතියකට සේවකයන් ගෙන් 40% නොමැති විට එකී ඒකකය තුල එම සේවකයන් නියෝජනය කරන සියළුම වෘත්තීය සමිති වලට තමුන් නියෝජනය කරන සේවකයින් උදෙසා සාමූහික කේවල් කිරීමේ අයිතිය දීම සහතික කරන ලෙසට කමිටුව රජයෙන් ඉල්ලා තිබුණි. පහත කරුණු එනම් (i) වෘත්තීය සමිති අතර බහුවිධභාවයන් ඇති අතර එක් සේව්‍යයෙකුට එක් වෘත්තීය සමිතියකට වැඩියෙන් ගෙන කේවල් කිරීම දුෂ්කර බව (ii) සේවකයින් වෙනුවෙන් සේව්‍යයා සමග කේවල් කිරීමට පැමිණෙන නියෝජිතයාට කම්කරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් නියෝජනත්වයක් තිබිය යුතු බව (iii) ලංකාවේ ප්‍රධාන වෘත්තීය සමිති කිසිවක් 40% උඩත් සීමාව පවත්වා ගැනීම ගැන විරෝධයක් නොමැති බව (iv) මෙම කරුණ NLAC තුළ සාකච්ඡා කළ යුතු බව​ රජය විසින් දන්වා ඇති බව කමිටුව සනිටුහන් කරයි. මේ සමගම 2014දී ITUC විසින් වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඇති විවිධත්වය හේතු කොට කිසිම වෘත්තීය සමිතියකට 40% සීමාව කරා එළඹීම ඉතා දුෂ්කර බවට කර ඇති නිරීක්‍ෂණයද කමිටුව සැලකිල්ලට ගනී. යම් ඒකකයක සිටින සියළු කම්කරුවන් වෙනුවෙන් සාමූහික ගිවිසුමකට යාම සඳහා එක් තනි නියෝජිතයෙකු පමණක් නම් කළ යුතු ක්‍රමයක් තුළ එසේ තනි නියෝජිතයෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය අවම නියෝජනත්වය (මෙහිදී 40%) එකද වෘත්තීය සමිතියකට හෝ නොමැති විට, එකී ප්‍රතිශතය ළඟා කරගත හැකි පරිදි වෘත්තීය සමිති කිහිපයක් එකතුව සංධානයක් ලෙස ඉදිරිපත් වීමට හෝ අවම වශයෙන් තමන් අයත් සාමාජිකයන් වෙනුවෙන් කේවල් කිරීමට හෝ ඉඩකඩ සහතික කළ යුතු බව කමිටුව නැවත වරක් අවධාරණය කර සිටී. සාමුහික කේවල් කිරීම පූර්ණ ලෙසින් භාවිතා කිරීමත් එය ප්‍රවර්ධනය කිරීමත් වෙනුවෙන් කාර්මික ආරවුල් පනතේ 32A(g) වගන්තිය නැවත සලකා බලන විට රජය හා NLACය මෙකී මූලධර්මයන් මත පදනම් වනු ඇතැයි කමිටුව දැඩි සේ විශ්වාසය පල කරයි. මේ සම්බන්ධයෙන් වන ඕනෑම වර්ධනයක් ගැන හා බලාත්මක සාමූහික ගිවිසුම් ගණන, ඒවා අයත් අංශ හා ඒවායින් ආවරණය වන සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරුද අප වෙත ලබා දෙන මෙන් කමිටුව රජයෙන් ඉල්ලා සිටී.

වගන්තිය 6. රාජ්‍ය සේවය තුළ සාමූහික කේවල් කිරීමට ඇති අයිතිය. රාජ්‍ය සේවකයන්ට සම්බන්ධ සාමූහික කේවල් කිරීමේ ක්‍රියා පටිපාටීන්ට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට අව්‍යාජ සාමූහික කේවල් කිරීමක් ලබාදී නැති අතර එමඟින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් -ඇතැම් බේරුම්කරණ අංග සහිතව- උපදේශනාත්මක යන්ත්‍රනයක් තහවුරු කිරීම පමණක් සිදුකරන බවත් වැටුප් පිළිබඳ අවසන් තීරණය ඇමති මණ්ඩලය සතුවන බවත් කමිටුව විසින් කලින් සඳහන් කොට ඇත. රාජ්‍ය පරිපාලන කටයුතුවල නොයෙදෙන තාක් පරිපාලන සේවයේ සාමාජිකයන්ට සාමූහික කේවල් කිරීම සඳහා ඇති අයිතිය පිළි ගැනීමටත් ඔවුන් ඒ වෙනුවෙන් උනන්දු කරවීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසට කමිටුව රජයෙන් ඉල්ලා සිටීය. (i) පුද්ගලික අංශයේ වෘත්තීය සමිතිවලට හාම්පුතුන් හා නිසි පාලනාධිකාරිය සමඟ සාමූහික කේවල් කිරීමට ඇති අයිතිය කාර්මික ආරවුල් පනත මඟින් පිළිගෙන ඇති බවටත් (ii) ශ්‍රී ලංකාව තුළ විශාල සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන සංස්ථාද පුද්ගලික අංශයට ඇතුලත්වන බවටත් (iii) අසාධාරණ කම්කරු පිළිවෙත් හා සාමූහික කේවල් කිරීම පිළිබඳව පනතේ 32A මඟින් දක්වා ඇති කරුණු පුද්ගලික අංශයේ වෘත්තීය සමිතිවලට පමණක් නොව රාජ්‍ය සංස්ථාවල වෘත්තීය සමිති සඳහාද අදාල බවටත් රජය විසින් කර ඇති සඳහනද කමිටුව විසින් සැළකිල්ලට ගනී. කාර්මික ආරවුල් පනතේ 49 වගන්තිය මඟින් රජයේ හා ආණ්ඩුවේ කම්කරුවන් පනතේ විෂය පථයෙන් හා බලපෑමෙන් ඉවත්කොට ඇති නිසා රාජ්‍ය ව්‍යවසායන්වල සේවකයන්ට සාමූහික කේවල් කිරීමේ අයිතිය තහවුරු කෙරෙන ප්‍රතිපාදනය පැහැදිලි කරන ලෙසට කමිටුව රජයෙන් ඉල්ලා සිටී. කමිටුව නැවතත් කියා සිටින්නේ රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ නැති සියළු රාජ්‍ය සේවකයන්ට තම වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් සාමූහික කේවල් කිරීමේ අයිතිය තිබිය යුතු බවයි. මෙකී ප්‍රතිපත්තිය ප්‍රකාරව රාජ්‍ය අංශයේ සේවකයන්ට සාමූහික කේවල් කිරීමේ අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් වන ප්‍රගතිය වාර්තා කරන ලෙසත් කමිටුව රජයෙන් ඉල්ලා සිටී.

[මෙකි නිරීක්ෂණ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් 2016 වසර තුලදී ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටී]

***********

 

රජය විසින් ජගත් කම්කරු සංවිධානයට මෙම සම්මුතිය නිසි ආකාරයෙන් ක්‍රියාවේ යෙදවිය යුතු  වගකීමට අදාලව සැපයිය යුතු වාර්තාවේ ආමන්ත්‍රණය කල යුතු මුලික කාරණාවන් පිලිබඳ ILO ඉල්ලීම මෙම සබැඳුමෙන් ලබාගත හැක එකී කාරණාවන් වලට අදාලව වෘත්තිය සමිති වලට සහ සේවා යෝජක සංවිධාන වලට අදාල නීති හා සම්මුතියේ ප්‍රතිපාදන දේශීයව ක්‍රියාවේ යෙදවීම, උචිත අනපනත්, රෙගුලාසි පැනවීම සහ අවැසි සංශෝධනයන්ට අදාලව සිය වාර්තා ඉදිරිපත් කල හැකිය. ඒවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් කම්කරු සංවිධානයේ අවසාන නිගමන සහ නිර්දේශ තීරණය කිරීම සඳහා මහෝපකාරී වේ. මෙමගින් සේවකයන්ගේ ඕනෑ එපාකම් ජ.ක .ස කම්කරු ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුල නියෝජනය කිරීමට හා ඒවාට බලපෑම් කල හැකි නෛතික පිළිගැනීමක් ලබාදීමට අවස්ථාව සැලසේ.  අදහස් දැක්වීමට පහත සලසා ඇති අවකාශයෙන් ඒ සඳහා මෙම විෂයට අදාලව වෘත්තීය සමිති හා සේවක මතය ඔප්නැන්විමට ඔබට දායක විය හැක. ඔබේ දහස් උදහස් මේ සම්බන්ධයෙන් කටයුතු කරන වෘත්තීය සමිති පරිශ්‍රම පෝෂණය කිරීමට හේතුවේ.

 

ඔබත් මෙම කම්කරු ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට දායක වන්න…!!!

 

සිංහල ටයිපින් නොහැකි වුවත් පහසුවෙන් සිංහල ටයිප් කිරීම සඳහා මෙම සබැදුමට පිවිසෙන්න. http://www.google.lk/inputtools/windows/ හෝ http://www.google.com/intl/si/inputtools/cloud/try/

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435