සටන සති දෙකකින් කල් දැම්මා – ශ්‍රී ලංකා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් 2020.04.04 සිට ක්‍රියාත්තමක වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත් හිටුවන බව  සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ,

කොරෝනා (කෝවිඩ් – 19) මර්දන සටනට අත්‍යාවශ්‍ය නීති සති දෙකක් තුළ සකස් කර දෙන මෙන්  සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

  • 2020.04.04 සිට ක්‍රියාත්තමක වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සති දෙකකින් කල් දැමීම.
  • කොරෝනා (කෝවිඩ් – 19) මර්දන සටනට අත්‍යවශ්‍ය නීති සති දෙකක් තුල සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීම.
  • සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යෝජනා කල සියලු දීමනා ප්‍රතික්ෂේප කිරීම
  • දිවයින පුරා සියලු මහජන පරික්ෂකවරුන්ගේ දිනක වැටුප කොරෝනා (කෝවිඩ් – 19) නිවාරණ ජාතික අරමුදලට පරිත්‍යාග කිරීම.
  • ආරක්ෂිත උපකරණ සහ ප්‍රවාහන පහසුකම් යම් ප්‍රමාණයකින් මේ වන විට ලැබෙමින් පවතින අතර සේවාව අඛන්ඩව ක්‍රියාත්තමක කිරීමට ප්‍රමාණවත් පරිදි ඒවා ලබාදෙන මෙන් ඉල්ලා සිටීම හා එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම.

මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් සිය පවුලේ ආරක්ෂාව, ජීවිත අවදානමද නොතකා සිදුකරගෙන යන කොන්දේසි විරහිත කොරෝනා (කොවිඩ්-19) මර්දන සටනට නිරන්තරයෙන් සහයෝගය දක්වන ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවටත්, මහා සංඝරත්නය ප්‍රමුඛ පූජ්‍ය පක්ෂයටත්, මාධ්‍ය ආයතන හා මාධ්‍යෙව්දීන්ටත්, දේශපාලන අධිකාරියටත්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින්ටත්, ත්‍රිවිධ හමුදාව හා පොලීසියටත්, විවිධ රාජ්‍ය ආයතන හා රාජයේ නිලධාරින්ටත්, පෞද්ගලික අංශය ඇතුලු සමස්ත මහජනතාවටම සංගමය ලක්දෙරණ, ජනතාව ගලවා ගැනීමේ සටනට සියලු කණ්ඩායම් සමග අත්වැල් බැඳගෙන, ජනතාවගේද උපරිම සහයෝගය ලබාගනිමින්, දිවිහිමියෙන් කොන්දේසි විරහිත සටන් කරන් කරන බබවද, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

මෙහිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම ගැටලුව විසඳීමට ලබාදුන් සක්‍රීයදායකත්වය විශේෂ ඇගයීමකට ලක්කරනු ලබයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435