සටන සඳහා තැටිය රත් කිරිමට සුදානම්

2018.10.31 සූදානම් කල 13 දිනන සටන අත්නොහැරීමට කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන තීරණයක් ගෙන ඇති බව එම සන්ධානය පවසයි.

එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, 2018.10.31 දින තම සේවාවේ ගැටළු වලට ස්ථීර විසදුම් සොයා ආරම්භ කිරීමට යෝජිතව තිබූ දැවැන්ත අරගලය කළමනාකරණ සහකාර සේවයේ වෘත්තීය සමිති 10 ක ඒකාබද්ධ ප‍්‍රතිඵලයක් බවයි.

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ එකම සේවාවක් වෙනුවෙන් වෘත්තීය සමිති එකට පෙළගැසුණු දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය හදුන්වා දීමට හැකි බවයි.

එය යම් යම් අඩුපාඩු, දුර්වලකම් තිබුණ ද ඒකාබද්ධව සිය ශක්තීන් යොදවා රටපුරා දැවැන්ත පෙළගැස්මක් කර තම සටන අත්හැරීමට සිදු වුයේ රටේ ඇතිවූ දේශපාලන අර්බුදය නිසා බවද සඳහන් කරයි.

කෙසේ වුවත් තම සටන අත්හැර නොමැති බවත්, ඉදිරියේදී තම ඉල්ලීම් ඉටු නොවුනොත් සටන සදහා තැටිය රත්කරමින් සිටින බවද සන්ධානය අවධාරණය කර සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435