සත්වෝද්‍යාන වෘත්තිය සමිති වැඩ වැරුමකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සත්ත්ව උද්‍යාන වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කෑම පැයේදී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමග පින්නවල අලි අනාථාගාරය, පින්නවල නව සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ගෝනපොළ ගොවිපළේ සත්වෝද්‍යාන සේවකයින්ද තම සේවා ස්ථානයේ සිට විරෝධතාවට එක්වන බවයි එම එකමුතුවේ කැඳවුම්කරු එම්.කේ.එස් කරුණාතිස්ස මහතා කියාසිටියේ.

රජය විසින් මෙම ගැටළු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් ඉදිරි සතියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව එම්.කේ.එස් කරුණාතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

උපුටා ගැනීම – LakFMNews

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435