සබරගමු පළාත් රාජ්‍ය සේවයට නවක නිලධාරීන් බඳවා ගැනීමේ අයඳුම්පත් කැඳවයි

සබරගමුව පළාත් රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන නිළධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2019

සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  3. 2019.03.29 වන දිනට පූර්වාසන්න වසර 03ක අඛණ්ඩ ස්ථිර පදිංචියක් සබරගමුව පළාත තුළ තිබිය යුතුය. සබරගමුව පළාත් සභාව තුළ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට වසර 03ක් හෝ ඊට වැඩි ස්ථිර පදිංචියක් ඇති අයෙකු සමඟ නීත්‍යානුකූලව විවාහ වී සබරගමුව පළාතේ පදිංචියට පැමිණ කෙනෙකුට ද අයදුම් කල හැක.
  4. 2019.03.29 වන දිනට වයස අවුරුදු 21ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය.

වැටුප් පරිමාණය – රු.31,490 – 11 x 660 – 10 x 730 – 5 750 – රු. 54,250

විභාග ගාස්තු

විභාග ගාස්තුව රු. 1000/-කි. එම මුදල සබරගමුව පළාත් සභාවේ ආදායම් ශීර්ෂ 20.03.02.99 ට බැරවන සේ සබරගමුව පළාත් සභාවේ ඕනෑම අමාත්‍යිංශ කාර්යාලයකට/දෙපාර්තමේන්තුවකට (පළාත් පාලන ආයතන හැර) හෝ සබරගමුව පළාත තුල පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.

අපේක්ෂකයාගේ අනන්‍යතාවය

විභාගයෙදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ජාතික හැඳුනුම්පත හෝ
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

විභාගය

විභාගය මැයි මාසයේදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් පැවැත්වේ.

පහත සඳහන් විෂයන් 02 ට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.

විෂයය                                                   කාලය (පැය)                 මුළු ලකුණු

  1. අභියෝග්‍යතාවය                                  01                                100
  2. සාමාන්‍ය දැනීම                                    01                                100

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.03.29 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවපළාත් සභා සංකීර්ණ කාර්යාලය, නව නගරය, රත්නපුර  යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

දැනට රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් අයදුම්පත තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් ඉදිරිපත් කල යුතුය.

වැඩි විස්තර පහත නිවේදනයේ දැක්වේ.

අයදුම්පත පහත දැක්වේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435