සම්බාධක මැද එක්සත් අරාබි එමීරයෙන් කටාරයට අලුත් යෝජනාවක්

තමන්ට දේශපාලන රැකවරණ දෙන්නැයි, එක්සත් අරාබි එමිරේට්ස් කුමරකු එදිරිවාදී කටාර් රාජ්‍යයෙන් ඉල්ලා ඇති බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

මෙලෙස දේශපාලන රැකවරණය ඉල්ලා ඉල්ලීමක් කර ඇත්තේ , ෆුජයිරා රජ පවුලේ කුමාරයකු  වන බවයි මෙම පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය මේ බව අනාවරණය කර ඇත්තේ අරාබි බසින් පළ වන ‘අල් අක්බාර්’ පුවත්පත උපුටා දක්වමිණි.

කටාර් අර්බුදය මුල්කරගනිමින් සෞදිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් කිහිපයක් එක්ව කටාරයට සම්බාධක පැනවූ අතර තවමත් එම මත ගැටුම සමතයකට පත්වී නැත.

එම අර්බුදය නිර්මාණය වීමේදී සෞදිය හා එක්ව සම්බාධක පැනවූ අනෙක් ප්‍රධාන රට වන්නේද එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

එවැනි පසුබිමක එක්සත් අරාබි එමීරයේ රජ පවුලේ කුමාරයෙකු විසින් කටාරයෙන් රැකවරණය අපේක්ෂා කිරීම ගැන මේ වනවිට රටරටවල් අතර පුළුල් කතාබහක්ද ඇතිවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435