සමාජ මාධ්‍ය ජාලවල පලවෙන අසත්‍ය ප්‍රචාරයක් ගැන සෞදි රජය උත්තර බඳී

සෞදි රජය විසින් එරෙට වෙසෙන දෙස් විදෙස් සියළුම දෙනාට වැදගත් නිවේදනයක් පසුගියදා නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව යම් සවිධානාත්මක පිරිසක් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා සෞදි රියාල් 1,000ක වටිනාකමකින් යුතු නෝට්ටුවක් නිකුත්කර තිබෙන බවට කටකතාවක් පැතිර තිබෙන බවත් එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් පෙන්වා දෙයි.

එමෙන්ම සෞදි අරාබි මූල්‍යායතනය පෙන්වා දෙන්නේ සෞදි රියාල් 1,000ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට පියවර ගෙනන්නොමැති බවත් දැනට සෞදි රියාල් 500ක වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් පමණක්  සංසරණයට නිකුත් කර ඇති බවත්ය.

කෙසේ නමුත් දැනටමත් ව්‍යාජ ලෙස සැකසූ සෞදි රියාල් 1,000ක මුදල් නෝට්ටුවක් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කර තිබෙන බවත් එවැනි නෝට්ටුවලට නොරැවටෙන ලෙසත් මූල්‍යායතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435