සමුද්‍රීය අධිකාරියේ මුදල් අවභාවිත  කිරීම් නිසා රැකියා අවදානමෙි

කොළඹ වරාය සහ අපද්‍රව්‍ය ඉවත්කරන්නන්ගේ සංවිධානය

සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් අසාධාරණ ලෙස මුදල් අවභාවිතා කිරීම නිසා වසර 45 කට අධික කාලයක්‌ තිස්‌සේ තමන් යෙදුණු රැකියාවට දැඩි තර්ජනයක්‌ එල්ල වී ඇතැයි කොළඹ වරායේ ඉවතලන දැවිතෙල් හා ඝන අපද්‍රව්‍ය ඉවත් කරන්නන්ගේ එකමුතු සංවිධානයේ ලේකම් කේ. නලින්දසිරි මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ තමුන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳව මාධ්‍යයට කරුණු දැක්‌වීම සඳහා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේද කීවේය.

වසර 45 කට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා වරායන් තුළට පැමිණෙන වාහන, නෞකා මගින් පාවිච්චියෙන් ඉවතලන භූමිතෙල්, හා ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමීව ඉවත් කිරීමේ සේවා සැපයීම් අප ආයතනය සිදු කරනවා. එමගින් හම්බකරන මුදල් බලහත්කාරයෙන් ගසා කෑමට සමුද්‍රිය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ සභාපතිගෙන් පහළ නිලධාරීන් පිරිසක්‌ වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙනවා. සියලුම ආයතන පළවාහැර තනි ආයතනයක්‌ නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන්ද, නැතිනම් මහා පරිමාණ මුදල් පෞද්ගලිකව තමන්ගේ සාක්‌කුවට හරවා ගැනීමේ බලාපොරොත්තුවෙන්ද ඔවුන් එසේ සිදු කරන්නේ යන්න ප්‍රහේළිකාවකි. කෙසේ වෙතත් මෙම අශෝභන ක්‍රියාවෙන් වක්‍රව කුඩා කර්මාන්ත පවුල් 15000 කට අධික රැකියා අවස්‌ථා නැතිවී යැමෙන් දරු පවුල්ද විනාශවී යැමට ඉඩකඩ බොහෝයි. අසාධාරණ හා අයුක්‌ති සහගත ලෙස මුදල් අය කිරීමේ මෙම නව ක්‍රමවේදය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර කටයුතු භාර ඇමැති වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් සහ සමුද්‍රිය කටයුතු භාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

සමුද්‍රිය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ ගොඩනැඟිල්ල සඳහා රුපියල් ලක්‍ෂ 8 ක මුදලක්‌ මාසිකව ගෙවීමත්, අනවශ්‍ය ලෙස තනතුරු සමඟ සේවකයන් බඳවා ගැනීම මගින් රාජ්‍ය මුදල් අවභාවිතය වන බවද පෙන්වාදිය යුතු වෙනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435