සමෘද්ධි බැංකු වලට මුදල් ලබා නොදීමෙන් සමෘද්ධිලාභින්ගේ ගෙවීම් අතරමඟ නතර වෙලා

සමෘද්ධි බැංකුව වෙත ප්‍රමාණවත් මුදල් ලබා නොදීම මත සමෘද්ධිලාභීන් වෙත රු. 5000  දීමනාව ගෙවා අවසන් කිරීමට නොහැකි වී ඇති බවත්, මැයි මස රු. 5000 දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකු වෙත ලබා දීමේ කඩිනම් කරන ලෙස ඉල්ලා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

දීර්ඝ කාලීනව පැවති ඇඳිරිනීති තත්වය මත ජීවනෝපාය අහිමි වු පවුල් සඳහා රු. 5000 දීමනාවක් ලබා දීමට ගත්තා වු තීරණය මත මැයි මාසයට අදාල දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකු වෙත ලබා දීමට පවතින ප්‍රමාදය පිළිබඳව අප සංගමය ඔබ වෙත මෙයින් අවධානයට මෙයින් යොමු කරවන්නෙමු.

02. රු. 5000 දීමනාව ලබා දීම සඳහා ඔබ විසින් සමෘද්ධි බැංකු සමිති කළමණාකරුවන් හා බැංකු කළමණාකරුවන් වෙත එවන ලද 2020. 05. 17 දිනැති DSD/HO/05/MF/2020/5 යන ලිපියෙහි 2 හි දක්වා ඇති පරිදි රු. 5000 මෙම දීමනාව ලබා දීම මැයි 18 වැනි දින සිට ආරම්භ කල යුතු බව උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා ග්‍රාමීය මටිටමින් සැලැස්මක් සකස් කර ඒ අනුව ගෙවීම් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබුනි.

03. ඒ අනුව 18 වැනි දින සිට සමෘද්ධිලාභී හා සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තුවේ සිටින 2525528 වෙත 2 අදියරට රු. 5000 දීමනාව ලබා දීම සඳහා දිවයිනේ සියළුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සැලැස්ම අනුව අපේක්ෂාවෙන් සිටියද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තවමත් සමෘද්ධි බැංකුව වෙත ප්‍රමාණවත් මුදල් ලබා නොදීම මත තවමත් සමෘද්ධිලාභීන් වෙතද රු. 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට නොහැකි වී ඇති බව කණගාටුවෙන් වුවද මෙයින් දන්වා සිටින්නෙමු.

04. සමෘද්ධිලාභීන්ට සමඟ ජීවනෝපාය අහිමි වු සමස්ත පවුල් 4825123 ආසන්න පිරිසකට මෙම රු. 5000 දීමනාව ලබා දී ඇති අතර දිනපතා ගතවන සෑම මොහොතකම දුරකථන මඟින් විමසීම් කරන අතර එයින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විශාල ලෙස මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇත.

05. මේ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර තෝරාගෙන ඇති කණ්ඩායම වෙත මැයි මාසය සඳහා ප්‍රමාදයකින් තොරව රු. 5000 දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සමෘද්ධි බැංකුව වෙත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා මෙන් අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435