සයිප්‍රසයේ ලාංකිකයින් දිවයිනට එන්න ගුවන් යානයක් ඉල්ලයි

සයිප්‍රසයේ සිට දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින් පිරිසක් තමන්ට මෙරටට පැමිණීම සඳහා ගුවන් යානයක් එවන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සයිප්‍රසයේ ලාංකිකයින් 200කට අධික පිරිසක් කොන්සල් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවයි මෙම ලාංකිකයින් සඳහන් කර ඇත්තේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන පරිදි තමන්ට දිවයිනට යාම සඳහා සයිප්‍රසයේ ලක් තානාපති කාර්යාලය විසින් කිසිඳු ක්‍රියාමාර්ගයක් මේවනතෙක් නොගෙන තිබෙන අතර එනමුත් ලාංකිකයින් බොහෝ දෙනෙක් මේවනවිටත් වෙනත් ගුවන් සේවාවක ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන ඇති බවත්ය.

කොන්සල් කාර්යාලය උත්සාහ කරන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් වෙන්කරගෙන තමන් ආපසු යැවීමට බවත් එහිදී ප්‍රවේශපත්‍රයක් යූරෝ 800කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවෙන බවත් පෙන්වා දෙන ඔවුන් දැනට වෙනත් ගුවන් සේවයක වෙන්කරවාගත් ගුවන්ටිකට් පත් යූරෝ 350ක වැනි මුදලකට ලබා ගෙන ඇති බවත් ප්‍රකාශ කරයි.

මෙලෙස අසරණව ඇති අවස්ථාවක යූරෝ 800ක් වැනි මුදලක් ගෙවීමට තමන්ට නොහැකි බව මේ ලාංකිකයින් පෙන්වා දෙයි.

දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින අය අතර කොරෝනා ව්‍යාප්තියට පෙර ගුවන් ටිකට් පත් වෙන්කරවා ගත් අය, විවිද රෝගාබාධවලින් පෙලෙන අය, තම මව්පියන් මිය ගිය හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙන අය වන බවයි සඳහන් කළේ.

එබැවින් කටාර් ගුවන් සමාගම හා සාකච්ඡා කර එහි ගුවන් යානයක් මගින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435