සයිප්‍රස් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්!

සයිප්‍රස් වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ රාජකාරි අවශ්‍යතාවක් ප්‍රමුඛව දෙරට අතර ද්විපාර්ෂික සම්බන්ධතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණෙන් කොන්සල් ජනරාල් කාර්යාලයක් නිකෝසියාවේ ආරම්භ කිරිමට ශ්‍රී ලංකා රජය කටයුතු කරගෙන යනු ලැබේ

ඒ අනුව වර්ෂ 2019 ජනවාරි 28 සඳුදා දින සිට මෙම නව කාර්යාලය ‍ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ රාජකාරි අවශ්‍යතා සඳහා විවෘත කර තැබීමට නියමිතය (කාර්යාලය නිල වශයෙන් විවෘත කරන දිනය පසුව දැනුම් දෙනු ලැබේ)

මෙතෙක් ලර්නකා (Larnaka) නිර්වේතනික කොන්සල් කාර්යාලය (Honorary Consulate) මගින් ඉටුකළ සියලුම රාජකාරි කටයුතු නිකෝසියාවේ වේ නිර්වේතනික කොන්සල් කාර්යාලය 2019 ජනවාරි 23 දින සිට ස්ථිරවම වසා තැබෙනු ඇත

වර්ෂ 2019 ජනවාරි 28 වන සදුදා සිට ශ්‍රී ලාංකික ඔබගේ රාජකාරි අවශ්‍යතා සඳහා නිකෝසියාවේ වේ නව කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පැමිණෙන ලෙස ශ්‍රි ලාංකික ඔබ සැමට මෙයින් කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435