සරසවි අනධ්‍යයන සේවකයින්ගෙන් හෙට සිට අඛණ්ඩව වර්ජනයක්

හෙට දින (10) සිට සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් අඛණ්ඩ වෘත්තීය සමිති  ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරුන් වන පී.එච්.ඩී.එස් ප්‍රියන්ත, එම්.ඩී දාබරේරා, සම ලේකම්වරුන් වන ජනක විමලසූරිය, පී.කේ රුවන් කුමාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට යොමු කරන ලද ලිපියේ මෙසේද දැක්වෙයි.

2016 රාජ්‍ය අය-වැය යෝජනා වලට අනුව නිකුත් කරන ලද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක‍්‍රලේඛ 4/2016 මගින් විශ්වවිද්‍යාල වැටුප් පිළියෙළ කිරීමේදී විශ්වවිද්‍යාල වැටුප් කප්පාදු කිරීම තුළින් නිර්මාණය වී ඇති විෂමතාව පිළිබඳව 2019.07.15 හා 2019.08.23 දිනැති ලිපි මගින් සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කර ඇති අතර එහි පිටපත් අතිගරු ජනාධිපතිතුමා, ගරු අග‍්‍රාමාත්‍යතුමා, ගරු නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු 17 දෙනෙකු වෙත පිටපත් යොමු කරමින් දැනුවත් කර ඇත.

තවද කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාලගේ DMS/1528 (A)Vol-11 දරණ  2019-08-27 දිනැතිව ඔබතුමාට පිටපත් සහිතව ලේකම්, නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපිය පාදක කර ගනිමින් නිකුත් කරන ලද UGC/HR/02/9/86(16th Vol) දරණ 2019-08-29 දිනැති ලිපියට යා කර ඇති විෂමතාවය නිවැරදි කිරීම යැයි දක්වන ලද උප ලේඛනය මගින් 2015-12-31 දින මුලික වැටුප පදනම් කරගනිමින් 2020 ජනවාරි 01 දින වනවිට මුලික වැටුපේ අපේක්ෂිත වැඩිවීම වන 107.6‍% ක සීමාවට ළඟා වී නොමැත.

උක්ත කරුණු පදනම් කරගනිමින් 2019-08-27 දාතමයෙන් නගර සැලසුම්, ජලසම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ඔබතුමාට පිටපතක් සහිතව ඉදිරිපත් කර ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ලිපියට අප වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව එකඟ නොවන බවත් එය ප‍්‍රතික්ෂේප කරන බවත් දන්වමු.

විශ්වවිද්‍යාලයීය ප‍්‍රජාවගේ මූලික වැටුපේ විෂමතාවය නිවැරදි නොවීම තුළ උද්ගත වෙමින් පවතින තත්ත්වය අප සාමාජිකයින්ගෙන් වෘත්තීය සමිතිවලට දැඩි පීඩනයක් මේ වන විට එල්ලවෙමින් පවතී. ඒ අනුව කරන ලද සංකේත වැඩ වර්ජන තුළින් ඔබ්බට ගොස් 2019 සැප්තැම්බර් මස 10 වන දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට අප විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

මේ වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිවන අපහසුතාවයන් පිළිබඳ අපගේ කනගාටුව ප‍්‍රකාශ කරමු. ඉහත ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වන අතර ස්ථිර විසඳුමක් ලබා ගැනීම සඳහා සෘජුව මැදිහත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435