සවුදිය හා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වීසා එකක්

රියාද් හි අනාගත ආයෝජන මුල පිරීමේ (Future Investment Initiative (FII) ආයතනයේ මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන පරිදි  එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබිය යන දෙරට අතර සංචාරකයින් ප්‍රවර්ධනයට හවුල් වීසා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරෙමින් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍ය සුල්තාන් බින් සයීඩ් අල් මන්සූරි විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයක් උපුටා දක්වමින් Al Eqtisadiah පුවත්පත වාර්තා කරනු ලැබ ඇත්තේ මෙම වැඩසටහන මගින් සෞදි අරාබිය විසින් සංචාරකයින්ට සිය එකසත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයෙන් ප්‍රයෝජනය ගත යුතු බවයි.

ඒ අනුව දෙපාර්ශවයටම බලපැවැත්වෙන නව වීසා බලපත්‍රය 2020 දී  ක්‍රියාවට නැංවීමට සූදානම් කෙරෙමින් පවතී.

ඔක්තෝබර් 31 වනදා අවසන් වූ මෙවර  ‘අනාගත ආයෝජන මුල පිරීමේ (Future Investment Initiative (FII) පැවති සැසියට   ලොව පුරා 6,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර එහි

රටවල් 30 ක තීරණ ගන්නන් 300 කට අධික පිරිසක් නියෝජනය වූ බැව් සඳහන්ය.

ඉකුත් සැප්තැම්බර් 27 වන දින සිට  සෞදියේ නව සංචාරක වීසා බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මකවීමත් සමග විදේශිකයන් 24,000 ක් පමණ එරටට පැමිණ ඇති බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.

සෞදි විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව පැමිණි සංචාරක ප්‍රජාවගෙන් චීන සංචාරකයින් 7,391 ක්  සිටින අතර එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ පුරවැසියන් පිළිවෙලින් 6,159 ක සහ 2,132 ක්  පැමිණ තිබේ.

2030 වන විට සෞදි අරාබිය වාර්ෂිකව සංචාරකයින් මිලියන 100 ක්  අපේක්ෂා කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435