ස්ත්‍රීන් සේවයේ යෙදවීම

ස්තී‍්‍රන් සහ ළමුන් සේවයේ යෙදවීම පාලනය කරනු ලබන නිති රීති වලට වැදගත් ස්ථානයක් හිමි විය යුතු බවට මෙම ශත වර්ෂය මුල සිටම පිළිගෙන තිබුණි. ස්තී‍්‍රන් සහ ළමුන් සේවයේ යෙදීවීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා වැඩි ගණනක් දක්නට තිබෙන නමුත් අභියාචනා ඉදිරිපත් වූ නඩු තීන්දු හිඟ බැවින් වර්තාගත නඩු තීන්දු දක්නට නොමැත.

කෙසේ වුවද  ක.වි.ය  සහ කොළඹ ළමා අධි නීති වාර්තා මේ සමග තොරතුරු හෙළි කරයි.කන්තා සේවිකාවක් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් අදාළ වන විධි විධාන අං. ක‍්‍ර. 12 (1) (2) ව්‍යවස්ථාව මගින් නීතිය අනිය්‍ය ගැහැනු පිරිමි භේදය මත, වෙනස් කම් නොකළ යුතු බව දක්වයි.

කෙසේ වුවද මෙම මු.අ අදාළ කළ හැක්කේ රජයේ විධායක හෝ පාරිපාලන කි‍්‍රයාවක් හේතු කොට ගෙන බැවින් පෞද්ගලික අංශයේ සේවිකාවන්ට මෙම විධිවිධාන අදාළ කර ගත නොහැක. කෙසේ වුවද ස්තී‍්‍රන්ට යහපතක් කරවීමට උත්සාහ කරන ව්‍යවස්ථා කෙරෙහි අවහිරකම් ඇති කිරීමට සමානතාව පිළිබඳ ආ.ක‍්‍ර.ව්‍ය සහතිකය යොදා ගත නොහැක. ස්තී‍්‍රන් සම්බන්ධයෙන් කි‍්‍රයා කරන කම්කරු ව්‍යවස්ථා ශී‍්‍ර ලංකාවේ දැකිය හැකි අතර මේවා මොවුන්ගේ ආරක්‍ෂාව සඳහා සේවා තත්ත්වයන් හා නියමයන් සම්බන්ධයෙනුත් සේවිකාවන්ගෙන් සේවක තත්ත්වයන් සමග ඇති කරනු ලැබූ ඒවා වේ.

1923 තරුණ ස්තී‍්‍රන් සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධ ආඥා පනත

1934 අ. 19 දරන කම්කරු වන්දි ආඥා පනත මෙම පතන මගින් පිරිමි ගැහැණු යන දෙපක්‍ෂයම රැුකියාවෙහි නියුතුව සිටියදී සිදු වන අනතුරු සඳහා වන්දි ලබා දීමේ නිතීමය ප‍්‍රතිපාදන ඇති කරන ලදී.

1934 අ. 13 දරන ස්තී‍්‍රන් පතල් වල සේවය තහනම් කරන පනත මෙම පනත මගින් කිසිදු වයස් සීමාවකට අයත් වන කාන්තාවන් පොළොව යට පතලක සේවය කිරීම සඳහා යෙදවීම තහනම් කොට ඇත.

1939 අ. 32 දරන ප‍්‍රසූති ආධාර පනත

ස්තී‍්‍ර සේවිකාවකට දරු ප‍්‍රසුතියට පෙර සහ පසුව, සේවයේ යෙදවීම සම්බන්ධයෙනුත් වැටුප් සහිත නිවාඩු පහසුකම් සැලසීම සහ වෙනත් ප‍්‍රතිපාදන පහසුකම් සැලසීම සඳහා පනවන ලදී.

1942 අ 45 කර්මාන්ත ශාලා ආඥා පනත ශී‍්‍ර ලංකාවේ කර්මාන්තශාලා තුළ සේවය කරන ගැහැනු සහ පිරිමි සේවකයන් හට ශාරීරික හෝ සෞඛ්‍ය වශයෙන් සිදු විය හැකි හානි වැළැක්වීම සඳහා සේවක සේවිකා දෙපාර්ශවයෙන්ම පිළිපැදිය හැකි උපදෙස් අඩංගු නිතී සංග‍්‍රහයක්ද මෙමගින් සකස් කරන ලදී.

1941 අ. 25 දරන පඩි පාලක ආඥා පනත මෙමගින් කර්මාන්ත වල සහ සේවාවල නියුක්ත සේවයන්ගේ වේතන සහ වෙනත් දීමනා විධිමත් කිරීම සඳහා පිහිටු වනු ලැබූ අතර මෙම පනත මගින් ගැහැනු පිරිමි වැටුප් එක තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරන ලදී.

1954 අ. 19 දරන සාප්පු සහ කාර්යාල පනත පෞද්ගලික අංශයේ කම්කරු නොවන සාප්පු හා කාර්යාල වල සේවයේ යෙදී සිටින සේවකයන්ගේ සේවා පහසුකම් සැලසීම, සේවා කාල නියම කිරීම, අතිකාල දීමනා, වෙනම පනතකින් ආවරණය වන සේවිකාවන් සඳහා ප‍්‍රසූති ආධාර හා පහසුකම් සැලසීම සඳහා ඇති කරන ලදී.

1956 අ. 47 දරන ස්තී‍්‍රන්, තරුණ අය සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත

මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ, ස්තී‍්‍රන් තරුණ අය සහ ළමුන් සේවයේ යොදවන කාල වේලාවන් විධිමත් කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලික ප‍්‍රතිපාදනයට අහිතකර වන පරිදි සේවයේ යෙදවීම වැළැක්වීම සඳහා ඇති කරන ලදී. මෙම මුල් පනත මගින් රාතී‍්‍ර කාලයේ කාන්තා සේවිකාවන් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කොට තිබුණි. 1979 ස්තී‍්‍රන්ට විරුද්ධව වෙනස්කම් ඉවත් කිරීම සම්බන්ධව අන්තර් ජාතික සංගමයකට ශී‍්‍ර ලංකාවේ පාර්ශවයක් විය. ඒ අනුව රාතී‍්‍ර කාලයේ ස්තී‍්‍රන් සේවයේ යෙදවීම පිළිබඳ තහනම ඉවත් කිරීම සඳහා ශී‍්‍ර ලංකාව මෙම කවුන්සලයේ නෛතික සාරධර්ම 1984 දී උපයෝගී කොට ගත්තේය. ඒ අනුව කර්මාන්ත සේවා ස්ථාන වල හා කර්මාන්ත ශාලාවල එවැනි සේවයේ යෙදවීම් 1984 අ 31 දරන පනතින් ද ලබා දී ඇති අතර යම් යම් කොන්දේසි වලට යටත්ව කාන්තාවන් රාතී‍්‍ර සේවයේ යෙදවීමට අවසර ලබාදී ඇත.

මේ අනුව යම් කර්මාන්තයක මුලූ රාති‍්‍රය පුරාම කාන්තාවන් සේවයේ යෙදවිය හැක්කේ, පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කළ හොත්පමණි.

  1. බල කිරීමකින් තොරව රාත‍්‍රියේ සේවයේ යෙදවීමට කැමැත්ත කල් තියා ලබා ගෙන තිබීම.
  2. එසේම රාති‍්‍ර 10 පසුව කාන්තාවන් සේවයේ යොදවා සේවා යෝජකයන් ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගෙන තිබිය යුතුය.
  3. උදේ 6 සිට සවස 6 දක්වා සේවයේ යෙදුනු කාන්තාවක් රාති‍්‍ර 10 පසු නැවත සේවයේ නොයෙද විය යුතුය.
  4. රාතී‍්‍ර සේවයේ යොදවන හැම කාන්තාවකටම ඔවුන්ට හිමි වේතනය මෙන් 1 1/2 නොඅඩු වේතනයක් රාතී‍්‍ර සේවය සඳහා ලබා දීම.
  5. රාතී‍්‍ර සේවය කර කාන්තාවන්ගේ සුබසාධනය සඳහා ඔවුන් බාරව සිටීමට පාලිකාවක් පත් කරනු ලැබ සිටිම.
  6. රාති‍්‍ර සේවයේ යොදවන විට, අවශ්‍ය වන විවේකාගාර, ආහාර පාන සැපයීම.
  7. එක් මාසයක් තුළ දින 10 වඩා එක දිගට රාති‍්‍ර සේවයේ නොයෙද වීම. කෙසේ වුවත් ඉහත සඳහන් නියමයන් පහත සඳහන් සේවාවන් හි නියුතු කාන්තාවන් සඳහා බල නොපායි.
  8. කලමනාකාරිත්වය හෝ කාර්මික ඥානය පිළිබඳ වගකිව යුතු තනතුරු දරන සේවිකාවන්
  9. බර වැඩ නොවන සෞඛ්‍ය සේවා හෝ සුබසාධන සේවාවන්හි නියුක්ත කාන්තාවන්
  10. පවුලේ සාමාජිකාවන් විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත වල නියුතු එම පවුලේ කාන්තාවන්.

නමුත් හදිසි අවස්ථාවකදී හෝ මහජන හිත සුව පිණිස හේතු වන අවස්ථාවකදී කම්කරු අමාත්‍යවරයා විසින් කම්කරු නියෝජිතයන් සහ සේවා යෝජකයන්, සමග සාකච්ඡා කොට , රාති‍්‍රයේ යම් කාල සීමාක් තුළ කාන්තාව සේවයේ යෙදවීම තහනම් කළ යුතුය.

කාන්තාවන් පතල් සේවයේ යෙදවීම

කිසිම වයස් සීමාවකට අයත් වන කාන්තාවන් පොලොව යට පතලක සේවය කිරීම සඳහා යෙදවීම තහනම් කරමින් 1937 අ. 13 දරන පනත සම්මත කරන ලදී. මෙම පනතට අනුව, පොළොව යට පතලක් තුළ කිසිම කාර්යක් සඳහා ඇතුළු වීමට කිසිම ස්ති‍්‍රයකට ඉඩ කඩ නොමැත. එසේ නමුත්, බරවැඩ නොකරන පළමුවන වතාවෙ, තනතුරු දරන්නියන්ටත් සෞඛ්‍ය සහ සුබසාධක කටයුතු කරන්නියන්ටත්, පුහුණුව සඳහා පොළොව යට පරීක්‍ෂණ හෝ අත්හදා බැලීම් හා අධ්‍යාපනයන්හි යෙදෙන කාන්තාවන්ටත් වෙහෙස නොවී කළ යුතු කාර්යයන් සඳහා පතල් වලට ඇතුල් වීමට අවසර දෙමින් යම් යම් සීමාවන් මත ඉඩකඩ දෙමින් රෙගුලාසි පැණවීමට අමාත්‍යවරයාට පියවර ගත හැකිය.

ප‍්‍රසූති ප‍්‍රතිලාභ දරු ප‍්‍රසූතියක් අපේක්‍ෂාවෙන් සිටින සේවිකාවන්ට දරු ප‍්‍රසූතියකට පෙර හා පසු සූතියෙන් පසුව සහන සැලසීම සඳහා 1939 අ. 39 දරන අඥා පනත පනවන ලදී. ඉන් අනතුරුව ප‍්‍රසූති ප‍්‍රතිලාභ වැඩි කිරීම සඳහා හා ඒවා විධිමත් කිරීම සඳහා අවස්ථා ගණනාවකදීම පනත සංශෝධනය කරන ලදී. මෙම පනතට අනුව, සේවිකාන්ට ප‍්‍රසූති ප‍්‍රතිලාභ ලබාදිය යුත්තේ පහත දැක්වෙන අන්දමටය.

  1. සජිවී දරුවකු බිහිකරනු ලැබූ විට, එම පළමු හෝ දෙවන දරුවා නම්, ප‍්‍රසූති දිනයද ඇතුළත්ව එම දිනයට පෙර සති 2 ද ප‍්‍රසූති දිනයෙන් පසු සති 10 ඇතුළු සති 12 නිවාඩුවක්.
  2. සජීවි දරුවෙකු ප‍්‍රසූත කරන අවස්ථාවේ දරුවන් 2 හෝ ඊට වැඩියෙන් සිටින සේවිකාවක් නම්, ප‍්‍රස‍්‍රතියට පෙර සති 2ද ප‍්‍රසූතියන් පසු සති 4ක නිවාඩුවක්ද ලබා දිය යුතුය.
  3. මල දරුවෙකු හෝ කලලයක් බිහි කරනු ලැබූ අවස්ථාවක ප‍්‍රසූතියට පෙර සති 2 හා ප‍්‍රසූතිය පසු සති 4ද ඇතුළුව සති 6ක නිවාඩුවක් ලබා දිය යුතුය.

ප්‍රසූතියට පෙර සති 2 නිවාඩුව සම්පූර්ණයෙන් ලබා නොගත්, කාන්තාවකට එම ඉතිරි දින ගණන ප‍්‍රසූතියෙන් පසු නියමිත දින ගණන ලබා ගැනීමෙන් පසු ලබා ගත හැකිය. දරු ප‍්‍රසූතිය සඳහා නිවාඩු ලබා සිටින සේවිකාවක් එම කාලය තුළදී සේවයෙන් පහ කිරීම නීත්‍යානූකූල නොවන අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.

දරු ප‍්‍රසූතියයෙන් පසු සති 4 ගතවන තුරු කිසිම සේවිකාවක් සේවයේ යෙදවීම වරදකි. වතු කම්කරු සේවිකාවන් සම්බන්ධයෙන් සේවා යෝජකයන් විසින් ඉහත දැක්වූ කරුණුවලට අමතරව විකල්ප ප‍්‍රසූති ප‍්‍රතිලාභ ලබා දිය හැකිය. ඒ සඳහා සේවා යෝජකයන් විසින් කම්කරු කොමසාරිස්ගේ ලිඛිත අවසර ඒ සඳහා ලබා ගෙන තිබිය යුතුය.

මේ විකල්ප ප‍්‍රසූති ප‍්‍රතිලාභ අතරට ඉරුදින සහ නිවාඩු දිනයන්ද ඇතුලූව දින 10 නොඅඩු කාලයක් අදාළ වත්තේදීම ප‍්‍රසූත පහසුකම් ලබාදීම. වින්නඹු සේවිකාවන්ගේ සේවය දරු ප‍්‍රසූතියෙදී ලබාදීම ප‍්‍රසූතිකාගාරයේ ගත කරනු ලබන දින වලදී නොමිලයේ ආහාර පාන ලබා දීම ප‍්‍රසූති දින වෙනුවෙන් නියමිත වේතනයෙන් ආධාර මුදලක් ලබාදීම.

වතු පාලකයා විසින් ඉහත සඳහන් විකල්ප ප‍්‍රසූති ආධාර සේවිකාවන්ට නිසි පරිදි සපයා දිය හැකි අවස්ථාවන් හි විකල්ප ප‍්‍රසූති ආධාර සැපයීම සඳහා දී ඇති බලපත‍්‍රය අවලංගු කිරීමේ බලය කම්කරු කොමසාරිස්ට ඇත. එබදු අවස්ථාවක වතු සේවිකාවන් නොවන අයට හිමි ප‍්‍රසූති ආධාර සැපයීම වතු පාලකවරයාට සිදුවේ. එකම දරු ප‍්‍රසූතියකදී සේවා යෝජයකයන් 2 ගෙන් ප‍්‍රසූති ආධාර ඉල්ලා සිටිමේ අයිතියක් කිසිම සේවිකාවකට නොමැත.

ප‍්‍රසූති කාලය තුළ ලබාගත හැකි වෙනත් සහනාධාර

  1. දරු ප‍්‍රසූතියකට මාස 8 පෙර සහ මාස 03 කට පසුව සේවිකාවකට හෝ ඇගේ දරුවාට හානියක් සිදු විය හැකි අවධානම් සේවයක යෙදවීමෙන් වැළකිය යුතුය.
  2. සැලකිය යුතු සේවිකාවන් සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති කර්මාන්ත ශාලාවක, සේවා, යෝජකයා විසින් සේවිකාවගේ වයස අවුරුදු 05 අවුරුදු දරුවන් රැුකබලා ගැනීම සඳහා ධාරකාගාරයක් පවත්වාගෙන යා යුතුය.
  3. කිරි දීම සඳහා අවුරුදු 01 සම්පූර්ණ වන තුරු පැය 02 විවේකයක් ද ධාරකාගාරයක් නඩත්තු කරන ආයතන වල පැය 01 විවේකයක් ද ලබා දිය යුතුය.

ඉහත නියමයන් කඩ කරනු ලබන අවස්ථාවක කොමසාරිස්වරයාගේ අවසරය ලබා ගෙන වරදකරුවන්ට විරුද්ධව නඩු පැවරිය හැකිය.

(lankanewsweek අනුග්‍රහයෙන්)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435