ස්ත්‍රී පුරුෂ සමාජ හිංසනයට එරෙහි ජිනීවා මානව හිමිකම් සමුළුව දක්වා යන්න සටන් කල යුතුයි

සොලිඩරිටි සෙන්ටර් මගින් සංවිධානය කරන ලද “ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා කාන්තාවට එරෙහි හිංසනය” නමින් වැඩසටහනක් පසුගිය 21 දා සොලිඩරිටි සෙන්ටර්හිදී පැවැත්විණි. ඒ සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක් පැමිණ සිටි අතර එහිදී අදහස් දැක්වූ ඇමරිකාවේ  සොලිඩරිටි සෙන්ටර් ප්‍රධාන ශාඛාවේ ස්ත්‍රී පුරුෂ සමජභාවය පිළිබද විශේෂඥ  Runge Robin විසින් මේ සම්බන්ධව අදහස් දක්වන ලදී.

ස්ත්‍රී පුරුෂ සමජභාවය හා කාන්තාවට එරෙහි හිංසනය (Gender Based Violence)  යන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන දෙයක් වන්නේ එය වැඩබිමේ දක්නට ලැබෙන ප්‍රධානම ගැටලුවක් සහ වෘත්තීය සමිති විසින් වැඩියෙන්ම මුල්තැන දෙමින් කටයුතු කරන ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ගැටළුවක් බවයි. ILO විසින් ද වසර 7ක් තිස්සේ විසඳුම් සොයමින් සිටින බව දක්නට ලැබේ. මෙහි සඳහන් කළ යුතු තවත් කාරණයක් වන්නේ මෙය ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මුහුණ දෙනු ලබන ගැටළුවක් විමයි. බොහෝ සේවා ස්ථාන වලදී සිදුවන මෙම ස්ත්‍රී පුරුෂ හිංසනය පිළිබඳව සොලිඩරිටි සෙන්ටර් මගින් වසර ගණනාවක් තිස්සේ මැදිහත් වෙමින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර මේ වන විට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් සිටී. නමුත් මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක් වන්නේ මේ සම්බන්ධව දිගින් දිගටම සටන් කළ යුතු බවයි.

පසුගිය ජුනි මාසයේ තිබූ ජිනීවා සාකච්ඡාවේදී උක්ත කරණය සම්බන්ධ වැදගත් කාරණයක් මතු කරන ලදී. එනම් උක්ත කාරණය සම්බන්ධ ගිවිසුමේ දී යොදාගනු ලබන වචන පිළිබඳව ද සාකච්ඡා  කරනු ලැබූ අතර පසුව එහිදී ඇතුළත් කළ යුතු සියලුම වචන පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන ලදී. (උදා:  කම්කරුවන්  – පූර්ණ කාලීන, අර්ධ කාලීන, විදෙස් )

GBV යන කාරණය වැඩබිම මුලික කරගත් ගැටළුවක්ම නොවේ. කම්කරුවා හැසිරෙන සැම අවකාශයක්ම මීට අදාළ වේ. එය පොදු ප්‍රවාහනයේදී හෝ පොදු අවකාශයේදී වුවද අදාළ වේ. මෙම කාරණය ජිනීවා දක්වා ගෙන යා යුතු ගැටළුවක් බවට තීරණය කිරීම සඳහා අවශ්‍යය සියලු සාක්ෂි මේ වන විට එක රැස් කර ඇති අතර කම්කරුවන් හා  බෙදා ගන්නා ලද අත්දැකිම් මේ සඳහා පාදක කරගෙන ඇත. ඒ අනුව පැහැදිලි කළ යුතු තවත් කාරණයක් වන්නේ GBV යන්න කායිකව, මානසිකව හෝ වාචිකව යන කුමන ආකාරයකින් හෝ සිදු වීම ගැටළුවක් යන්න ය.

මෙහිදී අවධානය යොමු කළ තවත් කාරණයක් වන්නේ GBV යන්න සම්බන්ධව සෑම රටකටම පොදු වන ගෝලීය නිර්වචනයක අවශ්‍යතාවය යි. කම්කරුවන් ද මෙම නිර්වචනයට හොඳ ප්‍රතිචාර දක්වා ඇති අතර මේ  සම්බන්ධ වැඩපිළිවෙලට අදාළ අගෝස්තු මාසයේ Brown Report එක නිකුත් කර ඇත. ජුනි මාසයේ සාකච්චා කරන ලද කාරණා මීට ඇතුළත් කර තිබේ.

 ILO නිර්දේශ අනුව මේ සම්බන්ධව කම්කරුවන්ගේ ප්‍රතිචාර අවශ්‍ය බව සඳහන් කර ඇති අතර මෙම කාර්යය සාර්ථක කරගනිමින් GBV සඳහා සාධාරණයක් ඉටු කර ගැනීමට නම් එළඹෙන නොවැම්බර් 11 දිනට පෙර ඊට අදාළ ප්‍රතිචාර යැවිය යුතු වේ. තවද මේ සම්බන්ධව රජයේ ප්‍රතිචාරය ද අවශ්‍ය බව සඳහන් කර ඇත. මේ ආකාරයට යවන ප්‍රතිචාර ILO විසින් 2019.03.08 වන විට ඉදිරිපත් කළ යුතුව ඇති අතර පසුව එම ප්‍රතිචාර අනුව තීරණයන් ලබා දේ.  මෙය ඉතා වැදගත් කාරණයක් වන අතර කම්කරුවන් සහ වෘත්තීය සමිති විසින්  ශ්‍රී ලංකා රජය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුව ඇත. මන්ද මේ වන විටත් ඇතැම් වෘත්තීය සමිති විසින් මෙම කාර්යය දුර්වල කිරීම සඳහා රජය සමග සාකච්ඡා සිටී. මෙවන් පසුබිමක වෘත්තීය සමිති හා කම්කරුවන් මැදිහත්ව රජයට බලපෑම් කර හෝ ප්‍රතිචාරයන් යැවිය යුතු වන්නේ GBV ගැටළුවට විසඳුම් ගෙන ඒමට වෙනත් ක්‍රියාමාර්ග නොමැති බැවිණි. එසේම කම්කරු අයිතීන් සම්බන්ධව, GBV සම්බන්ධව අවශ්‍ය වී ඇති පුළුල් නිර්වචනද ලබා ගැනීම සඳහා සටන් කළ යුතුව ඇත. උදාහරණ ලෙස කම්කරුවා යනු කවුද?, ස්ත්‍රී පුරුෂ සමජභාවය හා කාන්තාවට එරෙහි හිංසනය (GBV) යනු කුමක්ද?, සේවා ස්ථානයක් යනු කුමක්ද? යනාදිය සඳහන් කළ හැකිය. විශේෂයෙන් රජය පාර්ශ්වයෙන් මේ සඳහා යොමුකර ඇති ප්‍රතිචාර අයහපත් නම් අවසාන තීරණය කෙරෙහි එය සෘජුව බලපානු ලබන අතර එම ප්‍රතිචාර අනුව තීරණ ලබා දෙනු ඇත. එබැවින් මේ මොහොත කම්කරුවන්ගේ ප්‍රධානම ගැටලුව විසඳා ගැනීමට සක්‍රීයව මැදිහත් විය යුතුව ඇත.

සොලිඩරිටි සෙන්ටර් විසින් උක්ත ක්‍රියාමාර්ග සඳහා නිරන්තරයෙන් වෘත්තීය සමිති හා කම්කරුවන් ට අවශ්‍ය කටයුතු සලසා දීමට කටයුතු කරන අතර ITUC මෙවලම් කට්ටලයක් සහ පොදුවේ රජයට යැවිය හැකි ලියුමක්ද එවා ඇත. ඊට අමතර කාරණා ද ඇතුළත් කිරීමට ඔබට අයිතිය ඇති බවත් සඳහන් කළ යුතු වේ.

සොලිඩරිටි සෙන්ටර් මගින් මේ වන විට මෙම කාරණය සම්බන්ධව රටවල් 12ක් සමග සාකච්ඡා සහ වැඩසටහන් සිදු කර ඇති අතර ඒවා තුළින් බොහෝ රටවල් ඔවුන්ට අවශ්‍ය නිර්දේශ සොයාගෙන ඇත. එසේම හිංසනයට ලක් වන බොහෝ පිරිසක් ඒවා පැමිණිලි කිරීමට භියෙන් පසුවන ආකාරයක් ද දැකිය හැකිය. කාම්බෝජියාව, ඉන්දුනීසියාව, ජෝර්ජියාව යන  රටවල් ද ඒ  අතර වේ. මෙම හිංසනයන්ට ප්‍රබල ලෙසම මුහුණ දීමට සිදුව ඇත්තේ කාන්තාවන්ටය. ඔවන්ගේ වෘත්තීය සමිති නායකයන් ද එතරම් තැකීමක් සිදු නොකරනුයේ ඔවුන් බහුතරය පිරිමින් නිසාවෙනි. මෙම බොහොමයක් ගැටළු සඳහා සොලිඩරිටි සෙන්ටර් මැදිහත්ව විසඳුම් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින අතර සමහර ස්ථාන වල සාමූහික කේවල් කිරීම්  සහ ප්‍රත්පත්ති සම්පාදනයන්  සඳහාද  මූලික වී කටයුතු කර ඇත.

උක්ත කරණා පිළිබඳව එළඹෙන ජූනි මස පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මෙහිදී අවසාන වශයෙන් කිව යුතු කාරණයක් වන්නේ සොලිඩරිටි සෙන්ටර් එකේ ශක්තිය ඔබ වෙනුවෙන් නිතරම තිබෙන බවත් උක්ත සඳහන් ස්ත්‍රී පුරුෂ සමජභාවය හා කාන්තාවට එරෙහි හිංසනය සම්බන්ධව ගෝලීය ප්‍රතිප්‍රතිපත්තිය සකස් කිරීමේ ක්‍රියාවලියේ සිදු විය යුත්තේ ඔබේ අත්දැකීම් මතම බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435