ස්මාර්ට් ෂර්ට් සේවකයින්ගේ රැකියා ලබාගැනීමට කම්කරු කොමසාරිස්ගේ සහාය පතයි

ස්මාර්ට් ෂර්ට් සේවක පිරිස 08 දින නිදහස් වෙළඳ කලාපයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැස්වීමෙන් අනතුරුව ඔවුන්ගේ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ, මීගමුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු කම්කරු කොමසාරිස්වරයා වෙත තමන්ට සිදුවී ඇති තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් ඉදිරිපත් සහිත ලිපියක් ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.

එහිදී අවශ්‍ය කරුණු ඇතුළත් ලිපියක් සකස් කර දෙන ලෙස රැකියා අහිමිවූ සේවකයින් විසින් Stand Up Movement Lanka සංවිධානයේ සහෝදරියන් එම ඉල්ලීමට සහයෝගය ලබාදෙන ලදි. ඉන් අනතුරුව  ඔවුන් මීගමුව කම්කරු කාර්යාලය වෙත ගමන් කළ අතර, එහිදී නිහඩව තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවයක නිහැළුණු අතර, මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදු කරන ලදී.

ඉන් අනතුරුව, මීගමුව කම්කරු කාර්යාලයේ කම්කරු කොමසාරිස්වරයා වෙත තමන්ගේ ඉල්ලීම් සහිත ලිපියක් භාර දීමට සුදානම් වූ අතර, එහි පැමිණ සිටි සේවකයින්ට හා මාධ්‍යයය වෙත කම්කරු කොමසාරිස්වරයා හමු වීමට අවකාශ ලබා නොදුන් අතර, එහි සේවක නියෝජිතවරයෙකුට පමණක්  කම්කරු කොමසාරිස්වරයා හමු වීමට අවස්ථාව සලසා දෙන ලදී .

එමෙන්ම කම්කරු කොමසාරිස්වරයා කාර්යාලයේ නොසිටි බැවින්, කම්කරු කාර්යාලයේ නිර්මලා රාජපක්ෂ මහත්මිය විසින් එම ලිපිය බාර ගන්නා ලද අතර එමෙන්ම කඩිනමින් ඊට අවශ්‍ය පිළියම් යොදන බවට ද පවසා සිටියාය.

මේ සඳහා smart shirt සමාගමෙහි සේවයේ නියුතු කටාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අංක 1 අංක 11 අංක 111 යන ඇඟලුම් කර්මාන්ත සේවකයන් නියෝජනය කරමින් සේවකයන් පිරිසක් සහභාගි වන ලදී .

Smart Shirt සේවක සේවිකාවන් සඳහා Stand Up Movement Lanka සංවිධානයේ සහෝදරියන්ගේ ඔවුන් වෙනුවෙන් සහාය ලබාදෙන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435