සාකච්ඡා නෑ – දුම්රිය වර්ජනය දිගටම

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය සේවකයන් ආරම්භ කර තිබෙන වැඩවර්ජනය අද (7 දා) 12 වැනි දිනටත් කි‍්‍රයාත්මක කරන බව ලොකෝමෝටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ඊයේ (6 දා) පැවසීය.

පසුගිය 25 වැනිදා ආරම්භ කළ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් යම් තීරණයකට එළැඹීමට දුම්රිය බලධාරීන් දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡාවකට හෝ කාලවේලාවක් ලබා නොදීම නිසා සිය වෘත්තීය අරගලය දිගටම කි‍්‍රයාත්මක කරන බවද ඔහු කීය.

රජය මේ වන විට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීම හා වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා ලිපි නිකුත් කර තිබෙන නිසා සේවයට වාර්තා කිරීමේ හැකියාවක් නැතැයිද හෙතෙම පැවසීය. මෙම තත්ත්වය මත දුම්රිය වර්ජනය තවත් ඉදිරියට ගෙන යෑමට වෘත්තීය සමිතිවලට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

දුම්රිය වැඩ වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වන විට රුපියල් කෝටි 750 කට අධික පාඩුවක් සිදුවී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435