සාමූහික ගිවිසුමෙන් වතු සේවකයින්ට වාසි රැසක්

ලංකා වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් හා සේවා කොන්දේසි ආවරණය කෙරෙන නව සාමූහික ගිවිසුම (2019-2022) අත්සන් තැබීම ඉකුත් 06 දින පෙරවරුවේ රාජගිරියේ පිහිටි සේව්‍ය සම්මේලනයේ මූලස්ථානයේදී සිදුවිය.

වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් නියෝජනය කරමින් ලංකා වතු සේවා සංගමය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජනය කරමින් ලංකා සේව්‍ය සම්මේලනය ඊට අත්සන් තබා තිබේ.

වතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ, ලංකා සේව්‍ය සම්මේලනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් කණිෂ්ක වීරසිංහ සහ ලංකා සේව්‍ය සම්මේලනයේ වතු අංශයේ සභාපති භාතිය බුළුමුල්ල යන අය අත්සන් තැබූ අතර  දෙපාර්ශවයේ සාක්ෂිකරුවන් ලෙස ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ, එහි භාණ්ඩාගාරික රොබට් ෆ්‍රැන්සිස්, නි.සභාපති අනුර වික්‍රමරත්න යන සහෝදරවරුන්ද සේව්‍ය සම්මේලනය වෙනුවෙන් සුනිල් පෝලියද්ද යන මහත්වරුන් අත්සන් තැබූහ.

මෙය ලංකා වතු සේවා සංගමය ඉතිහාසයේ අත්සන් තැබූ ඉතා  ප්‍රතිඵලදායි ගිවිසුමක් බවත්, වැටුප් හා දීමනා වැඩිවීම් පමණක් නොව වෘත්තීය ආරක්ෂාව, වෘත්තීය අධ්‍යාපනය , සුබසාධනය සම්බන්ධයෙන් වඩා වාසිදායක කොන්දේසි රැසක් මෙවර ගිවිසුමෙන් ආවරණය වන බව චතුර සමරසිංහ මහතා පවසයි.

ආර්පිකෝ සමූහයෙන් පාලනය කෙරෙන කෑගල්ල, නමුණුකුල හා මස්කෙළිය යන වැවිලි සමාගම්වල වතු කාර්ය මණ්ඩල සමාජික සාමාජිකාවන්ට නව සාමූහික ගිවිසුමෙන් වැඩිවූ වැටුප් නොවැම්බර් 08 දින ගෙවීමට ආර්පිකෝ පාලනාධිකාරිය ලිඛිතව එකඟවූ බවත්, ඒ නිසාම එදිනට දියත් කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවූ බවත් වතුර සමරසිංහ මහතා වැඩබිමට සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435