සැක සහිත පාර්සල් නිසා ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල රැසක් නොසන්සුන්

ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා සහ මෙල්බර්න් නගරවල පිහිටි විදේශ තානාපති කාර්යාල කිහිපයක තිබී සැකකටයුතු පාර්සල් සොයා ගැනීම පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි එරට පොලිසිය තහවුරු කරයි.

මෙල්බර්න්හි නාගරික ගිනි නිවීම් සේවාව පවසා ඇත්තේ, එවැනි සිද්ධි රැසක් නගරය ආශ්‍රිතව වාර්තා වී ඇති බවය.

එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ද සැකකටයුතු පාර්සල් හමු වූ තානාපති කාර්යාල අතර වේ.

“එම පාර්සල් මේ වන විට පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. ඒ වගේ ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනවා,” ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පැවසීය.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දියාව, දකුණු කොරියාව, නවසීලන්තය, ග්‍රීසිය සහ ඉතාලිය යන රටවල තානාපති කාර්යාලවල අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන ආකාරය දක්නට ලැබුණු බවය.

“ෆෙඩරල් පොලිසිය සහ ප්‍රාදේශීය ආයතන සමග අපි සමීපව කටයුතු කරනවා.” බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

“අපේ සියලු ම කාර්ය මණ්ඩලය ආරක්ෂිතයි.”

“අපි දැන් දන්නවා ඒක ජීවිත අවදානමක් සහිත එකක් නොවෙන බව.”

මේ අතර, පසුගිය සඳුදා දිනයේදී සුදු පැහැති ද්‍රව්‍යයක් සහිත පාර්සල් කිහිපයක් සිඩ්නි නුවර පිහිටි ආර්ජන්ටිනා තානාපති කාර්යාලය වෙත ලැබී තිබිණි. ඒවා විෂ සහිත නොවන බව පසුව අනාවරණය විය.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435