සියලු කාර්ය මණ්ඩලය කැඳවීමට උපදෙස් නිකුත් කර නෑ

අද (2020.05.26) සිට 100 % ක් රට සාමාන්‍යකරණයට ලක්  නොවේ. ආයතන වල සේවක මණ්ඩලයේ සියලු දෙනා සේවයට වාර්තා කල යුතු බවට අනිවාර්‍ය කිරීමක් සිදුකර නොමැති බවත් සීමා කර සේවයට කැඳවීමේ හැකියාව ආයතන ප්‍රධානීන් සතුව පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

තව දුරටත් සියලුම ආයතන වල සේවය කරන සංඛ්‍යාව සීමා කර පවත්වා ගැනීම කල හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එසේ සීමාකර කාර්යමණ්ඩලය කැඳවීමේ ක්‍රමවේදය නැවැත්වීමට උපදෙස් නිකුත්කර නොමැත.

එබැවින් සේවාව සඳහා අවශ්‍ය වන්නේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක්ද, නොඑසේ නම් අඩක්ද යන්න තීරණ්ය කර එම සංඛ්‍යාවෙන් තව දුරටත් සේවා පවත්වා ගැනීමේ හැකියාව පවතින බවද අවධාරණය කෙරේ. මෙම ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වන්නේ  යම් ලෙසකින් වෛරස ව්‍යාප්තිය සිදු වීම පාලනය කිරීමකි.

කොළඹ යනු ජන ඝනත්වය වැඩිම ප්‍රදේශයයි. දෙවැනියට ගම්පහ දිස්ත්‍රික්කයයි. ප්‍රධාන නගරයද කොළඹයි. එබැවින් මෙම ප්‍රදේශ විශේෂයෙන් ආරක්ෂා කර ගැනීමේ පියවර ගත යුතුය. මේ අතර නාවික හමුදා කොවිඩ් පොකුර(Cluster) තව දුරටත් මේ ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශ වල සක්‍රීයව පවතී.එසේම ගුවන් තොටුපල යම් ප්‍රමාණයකට ක්‍රියාකාරීව පවතී. රජය ගන්නා ක්‍රියාමාර්ග නිසා  නාවික පොකුරේ හා විදේශවල සිට පැමිණෙන අයගෙන් සිදුවන වෛරස ව්‍යාප්තිය දැඩිව  සීමා කලද යම් අනතුරක් පැවතීමට හැකිවේ.මේ සියල්ල පිළිබදව වගකීමෙන් සිතා බලා සීමා ලිහිල් කල යුතුය. ඒ පිලිබඳ අවධානය ගිලිහී යාම කිසි විටක සිදුවිය නොහැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් පෙන්වා දෙයි.

රට 26 වනදා සිට 100%  සාමාන්‍යකරණයට ලක්  නොවේ.එහෙත් අපේ උත්සහය එම ඉලක්කයට ගමන් කිරීමටයි. එතෙක් තව දුරටත් සීමා කිරීම් පවත්වා ගැනීමේ හැකියාව ඇත.‍ යම් කාල සීමාවකින් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් අනතුරුව සහ ඊට පෙරත් සෑම ආයතනයක්ම, සැම පුද්ගලයෙකුම රැකිය යුතු ප්‍රධාන කරුණු තුනක් පවතී.ඒවා නම් ශ්වසන ආචාරශීලීතාව, දෑත්සුපිරිසිදුව තබා ගැනීම සහ පුද්ගලික /සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි. එය කොවිඩ් -19 වලක්වාගැනීමට අත්‍යවශ්‍ය කටයුතුය. මේවා ක්‍රමයෙන් පුහුණු වන තුරු එක් වරම ආයතනයේ සියලු දෙනා සේවයට කැඳවීම සුදුසු නොවන බව පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සීමා සහිතව සේවක මණ්ඩලය කැඳවීමේ හැකියාව ආයතන ප්‍රධානින් සතු බවද  සිහිපත් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435