
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අභිනව අමාත්‍යවරිය ලෙස පත්වී සිටින පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙත සුභාශිංෂණ පළ කර සිටින බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය විසින් ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය සේවාව සඳහා මීට පෙර වතාවකදීද නායකත්වය ලබා දෙමින් ඔබ ලැබූ පන්නරය මත සමස්ථ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහයෝගය සහිතව සාමුහික සේවාවක් මහජනතාව වෙත ලබා දීමට ඔබට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
සෞඛ්‍ය සේවාව යනු සාමන්‍යයෙන් අරගල, වැඩවර්ජන හා උත්ඝෝෂණ ගහන, එක් පාර්ශ්වයක් තෘප්තිමත් කරමින් විසඳුමකට එළඹීමට අපහසු ඉතා විශාල වෘත්තීමය නිපුණතාවයකින් යුතු මානව සම්පතක් කළමනාකරණය කර ගත යුතු සේවාවකි. ඒ නිසාම සෞඛ්‍ය අමාත්‍යධූරය වනාහී පාලනය කර ගැනීමට තරමක් අපහසු සේවාවක් ලෙස බාහිර පාර්ශ්වයන් විශ්වාස කරනු ලැබූවද අප එසේ විශ්වාස නොකරන්නෙමු. විශේෂයෙන්ම එකිනෙකට වෙනස් අනන්‍යතාවයන්ගෙන් යුක්ත නමුත් සාමුහිකව සේවය සැපයීම අනිවාර්යය වී ඇති වෘත්තික කණ්ඩායම් අතර ඇතිවන මෙම අනවශ්‍ය ගැටුම් කළමණාකාරීත්වයේ දුර්වලතාවයන් හෝ එක් පාර්ශ්වයකට වඩා වැඩිපුර සැළකීමට කළමණාකාරීත්වය දරණ අනිසි උත්සහයන්ගේ ප්‍රතිඵල වේ.
එනයින් සෑම වෘත්තියකටම සමානව සැළකෙන සෑම වෘත්තියකම අනන්‍යතාවය සුරැකෙන නායකත්වයක් ලබා දීමට ඔබට හැකි වන්නේ නම් අන් කවර අමාත්‍යාංශයකටත් වඩා වේගයෙන් හා ඉදිරිගාමීව ඉලක්ක කරා යොමු කරවා ගත හැකි මානව සම්පතක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු බැවින් ඒ සඳහා ඔබගේ සමබර නායකත්වය අපේක්ෂා කරමු.
එවන් දර්ශනයක් පෙරදැරිව, ශ්‍රී ලාංකේය නිදහස් සෞඛ්‍ය සේවාව තිරසාර ලෙස මහජනතාව වෙත ලබා දීමටත්, ලෝකයේ දියුණු සෞඛ්‍ය සේවාවන්හි තත්ත්ව දර්ශකයන්ට සාපේක්ෂව කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමටත්, රජය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන දූෂණයෙන් හා නාස්තියෙන් තොරව අවසන් සෞඛ්‍ය ප්‍රතිලාභියා වෙත නිවැරදිව යොමු කර හැකි වන ක්‍රමවේදයක් සැකසීමටත්, අප වෘත්තිකයන්ගේ පූර්ණ දායකත්වය ලබා දෙන බවද මෙයින් සපථ කර සිටිමු.
වැඩබිම