සිරියාවේ සේවය කරන සංක්‍රමණිකයින්ට දැඩි අනතුරු ඇඟවීමක්

තුර්කිය විසින් සිය හමුදා ඊසානදිග සිරියාවට යවන බවට තර්ජනය කිරීම නිසා යුරෝපයට සංක්‍රමණය වනු පිණිස සරණාගත රැල්ලක් ඇතිවිය හැකි බව සංක්‍රමණය පිළිබඳව යුරෝපා සංගම් නිලධාරීන් පවසයි.

ලක්සම්බර්ග්හි පැවති අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ  තුර්කියේ සිට ග්‍රීසිය දක්වා වූ ඊනියා නැගෙනහිර මධ්‍යධරණි මාර්ගය යළිත් වරක් යුරෝපයට පැමිණෙන සරණාගතයින් ගේ  ප්‍රධාන තේරීම බවට පත්ව ඇති බවයි.

ග්‍රීසියට අදාළව සලකා බැලූ විටදී ඉකුත්  මැයි මාසයේ සිට මේවන තුරු කාලය දක්වා සංක්‍රමණයවීමේ වර්ධනය 240%ක් බවත්, ග්‍රීසියේ විකල්ප සංක්‍රමණික කටයුතු බාර අමාත්‍ය ජෝජියෝස් කෞමූට්සකොස් පවසා ඇත්තේ “අභියෝගයේ තරම ඔබට සිතාගත හැකි බවයි.”

නැගෙනහිර මධ්‍යධරණි මාර්ගය පිළිබඳව අවධානය යොමු කරමින් ග්‍රීසිය, බල්ගේරියාව සහ සයිප්‍රසය එක්ව පසුගියදා ඒකාබද්ධ රැස්වීමක් පවත්වනු ලැබිණි.

එහිදී  “විශේෂයෙන් සිරියාවේ පුළුල් ප්‍රදේශයක ගැටුම් ඇතුළු භූ දේශපාලනික සාධක මගින් කෙටිකාලීන හා මධ්‍ය කාලීනව මෙම භයානක ප්‍රවණතාවයේ අඛණ්ඩ පැවැත්මක් අපට පෙනෙනු ඇතැයි” අවධාරණය කෙරිණි.

කෙසේ වෙතත්   කුර්දි සටන්කරුවන්ට එරෙහිව උතුරු සිරියාවේ මිලිටරි මෙහෙයුමක් සඳහා වන සූදානම “ත්‍රස්තවාදයක්” ලෙස සලකන බවත්,  සන්නද්ධ වාහන දේශ සීමා ආරක්ෂාවට යොදවන බවත් තුර්කිය පවසයි.

තුර්කිය විසින් සිරියාවේ කොටසක් ආක්‍රමණය කරනු ලැබුවහොත් තුර්කිය සත්කාරකත්වය දරන මිලියන හතරක සරණාගතයින්ගෙන් බහුතරයක් ( ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිරියානුවන්ය)  ඔවුන්ගේ අස්ථාවර නිජබිම වෙත බලහත්කාරයෙන් තල්ලු නොකිරීමට යුරෝපයට යාමට තීරණය කළ හැකි බව යුරෝපා සංගමයේ නිලධාරීන් පවසා තිබේ.

එසේ වුවද, ලක්සම්බර්ග්හි විදේශ ඇමති ජීන් ඇසෙල්බන් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ ” එවන් මෙහෙයුමක් සිදු නොවනු ඇතැයි” තමන් විශ්වාස කරන බවයි.

“නමුත් ඔබ තුර්කියේ සරණාගතයෙක් යැයි සිතන්න, ඔබ සිරියානු ජාතිකයෙකි. ඔබ දිනක් ඊසානදිග සිරියාවට සංක්‍රමණය කිරීමේ අවදානම පවතී. එය යුරෝපය දෙසට රැල්ලක් ජනනය කළ හැකි සාධකයකි, ”ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් යුරෝපා සංගමයේ සංක්‍රමණ කටයුතු පිළිබඳ කොමසාරිස් ඩිමිට්‍රිස් අව්‍රමොපොලොස් පවසා සිටියේ සිරියානු රාජ්‍යයේ එක්සත්කම,ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා යුරෝපා සංගමය කැපවී සිටින බවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් සටන් කොට ඊසානදිග සිරියාවේ රඳවා සිටින තම පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජනපද ඉල්ලීම් යුරෝපීය රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කර ඇති විවේචනය ගැන යුරෝපා සංගම් ආරක්ෂක කොමසාරිස් ජූලියන් කිංගෙන් විමසා තිබේ.

ඊට පිළිතුරු ලබාදෙමින් හෙතෙම පවසා ඇත්තේ ” මෙම ප්‍රශ්නය, ජාතික බලධාරීන්ට ප්‍රශ්නයක් වන අතර ඔවුන් එය ඊර්ෂ්‍යාවෙන් ආරක්ෂා කරන” බවයි.

හිටපු සටන්කරුවන් විසින් සිදුකරන ලදැයි කියන අපරාධ පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීමට හා සැකසීමට යුරෝපා සංගම් ඒජන්සි සූදානම් බවද ඔහු එහිදී වැඩිදුරටත් ගල්ෆ් නිවිස් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435